ඉන්දීය විදේශ ඇමැති ජනපති හමුවෙයි

0
16


තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජෙයිශංකර් ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී තිබේ.

කොළඹ දී ඇරැඹුණු පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණ ඇත. ජෙයිශංකර් මහතාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර, ඔෟෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන දීම පිළිබඳ ස්තූතිය එහිදී පළ කර ඇත.

මෙම වසරේදී ශ්‍රී  ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රිත සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධානය කර ඇත.