ආරවුලක දුරදිග ගිහින් වාහනයට යටකරලා

0
36

වවුනියාව එන්. ප්‍රියදර්ශනී 

කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී පුද්ගලයකු තවත් පුද්ගලයකු වාහනයකින් හප්පා තුවාල කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 

පොලිසිය පැවැසුවේ දෙදෙනකු අතර වූ පෞද්ගලික ආරවුලක් මත අයකු තවත් අයෙක් කැබ් රථයකින් හප්පා තුවාල කොට ඇති බවයි.  සිද්ධියෙන් 42 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇත. තුවාලකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇත. 

 සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළහ. 

පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් අයකු කැබ් රථයකින් තුවාල ලත් පුද්ගලයා යට කිරීමට උත්සාහ දරා ඇති බව මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය වී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.