අධිකරණය මඟහරිමින් සිටි 72 හැවිරිදි සැකකරු මාට්ටු

0
14


මීගහකිවුල – රුවන් කුමාර 

ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවී අධිකරණය මඟහරිමින් සිටි වයස අවුරුදු 72ක පුද්ගලයකු 26දා රාත්‍රියේ කළ මෙහෙයුමකදී කන්දකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 

මෙම සැකකරුට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබූ ඉඩම් නඩුවකට ඉදිරිපත් නොවී අධිකරණය මඟහරිමින් සිටි මොහු පිළිබඳ ලද තොරතුරක් මත කන්දකැටිය පොලිසියේ නිලධාරීහු කළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පොලිස් භාරයේ තබා ඇති අතර 27දා බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල ජයතිලක මහතා ඇතුළු නිලධාරීහු වැටලීම් කර සැකකරු අත්අඩංගුවට ගත්හ.