මහජන බැංකුවට පෙර නොවූ විරූ ලාභයක්

0
36


ක්ෂේත්‍රයේ විශාලතම කොවිඩ් _ 19 සහන ලබාදෙන අතර 2021 වසර තුළ රුපියල් ටි්‍රලියන 1කට වඩා වැඩි ඩිජිටල් ගනුදෙනු සිදුකරන බවත්,  Peoples Wave  වැඩියෙන්ම භාගත කළ යෙදවුම බවට පත්වී ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

මහජන බැංකුව නිකුත් කර ඇති නිවේදනයෙහි මෙසේද දැක්වේ. 

 ගතවූ 2021 මූල්‍ය වර්ෂය අවසානයේදී මහජන බැංකුව සිය ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 110.7ක්ද සමස්ත මෙහෙයුම් වියදම රුපියල් බිලියන 50.5ක් ද වාර්තා කරන ලදී. එය 2020 වසරට සාපේක්ෂව පිළිවෙළින් 21.9%ක සහ 14.9%ක ඉහළ යෑමකි. එමෙන්ම ඒකාබද්ධ බදු පෙර සහ බදු පසු ලාභය රුපියල් බිලියන 37.2ක් සහ රුපියල් බිලියන 28.1ක් වූ අතර, එය 51.1%ක සහ 74.6%ක ඉහළ යෑමක් පෙන්නුම් කරයි.

බැංකුවේ ස්වාධීන පදනමක් මත, බදු පෙර හා පසු ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 30.4ක් සහ රුපියල් බිලියන 23.7ක් වූ අතර, 2020ට සාපේක්ෂව එය පිළිවෙළින් 43.2%ක සහ 67.3%ක ඉහළ යෑමකි. මූලික වශයෙන් ආදායම් වර්ධනය, ශුද්ධ පොලී ආදායමෙන් ඇති වූ අතර, එය සමස්ත මෙහෙයුම් ආදායමෙන් 90.0%කට ආසන්න විය. එය බැංකුවේ ණය සහ ආයෝජන එකතුවෙහි වර්ධනයට සමගාමීව 30.2%ක වර්ධනයක් වූ අතර, අරමුදල් පාදක නොවන ආදායම් මූලාශ‍්‍ර ඉහළ නැංවීමට බැංකුව ගන්නා උත්සාහය විදහා දක්වමින් එහි ගාස්තු ආදායම 23.4%කින්, රුපියල් බිලියන 9 දක්වා ඉහළ නැංවුණි. වියදම් වර්ධනයට වැඩි වශයෙන් ඍජු ව්‍යාපාර වර්ධනය අයත් වේ. බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව විදහාපාමින් 2021 වසරේදී ආදායම් පිරිවැය අනුපාතය 51.1%ක අගයක් පෙන්නුම් කරමින් ප‍්‍රගතියක් සටහන් කර ඇති අතර, 2020 වසරේදී එය 54.3%ක්ද, 2019 වසරේදී 61.8%ක්ද විය.

බැංකුවේ ඒකාබද්ධ ණය කලඹ 2021 වසර අවසානයේදී රුපියල් බිලියන 1,990ක් දක්වා 12.1%කින් වර්ධනය වී තිබෙන අතර, ඒකාබද්ධ තැන්පතුවල වටිනාකම රුපියල් බිලියන 2,168.7ක් වේ. එය 12.1%ක වර්ධනයකි.

ශ‍්‍රී ලංකා රජයට ගෙවූ සමස්ත ඒකාබද්ධ බදු සහ ලාභාංශ එකතුව 2021 වසර තුළ රුපියල් බිලියන 20.4ක් වූ අතර, එය 2020දී රුපියල් බිලියන 16.3ක් විය. 25.1%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එහි ඒකාබද්ධ ස්ථරය 1 සහ මුළු ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මතාව 2021 වසර අවසානයේදී පිළිවෙළින් 13.4%ක් සහ 17.9%ක් විය. (2020 අවසානයේ 10.7% සහ 15.6%). බැංකුව පාර්ශ්වයෙන්ම පමණක් ගතහොත් මෙය පිළිවෙළින් 12.6% සහ 17.8%කි (2020 9.5% සහ 15.5%) අනෙකුත් සියලුම නියාමන අනුපාත අවම අවශ්‍යතාවට ඉහළින් සැකෙවින් පවත්වාගෙන ගොස් තිබේ.

පසුගිය වසර තුළ ග‍්‍රාමීය සංවර්ධනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහාය ලබාදීම සහ කාන්තා ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සඳහා බැංකුව ආයෝජනය කරන ලදී. 2021 වසර අවසානයේදී විවිධ ණය පහසුකම් වැඩසටහන් ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් රුපියල් බිලියන 63.0කට වැඩි මුදලක් ලබාදෙන ලද අතර කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ, සැපයුම්, 

නිෂ්පාදන, තේ සහ සංචාරක කර්මාන්ත යළි නඟා සිටුවීම සඳහා සිය පහසුකම් ඔස්සේ රුපියල් බිලියන 1.9ක පමණ මුදලක් ලබාදීමද ඊට ඇතුළත් වේ.

කුඩා වතු හිමියන්ගේ කෘෂි-ව්‍යාපාර හවුල්කාරිත්වය (SAP)  සමඟ අත්වැල් බැඳගනිමින් රුපියල් බිලියන 1.0ක ආරම්භක ප‍්‍රතිපාදනයකින් ගොවීන් 5,000ක් සඳහා අඩු පොලී ණය පහසුකම් සැලසුමක් හ¾දුන්වාදෙන ලදී. දේශීය පොහොර නිෂ්පාදනයට සහාය ලබාදීම සඳහා බැංකුව සාරභූමි ණය සැලසුම හඳුන්වාදුන් අතර කාන්තා ව්‍යවසායකත්වය ප‍්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 533.5ක මුදලක් වෙන් කරන ලදී. එසේම කෘෂිකාර්මික සහ අත්කම් නිර්මාණ කර්මාන්තයේ ස්වයං රැකියාවල යෙදී සිටින පිරිස වෙනුවෙන් ද බැංකුව අමතර ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී.

පුද්ගල ණය වශයෙන් නිවාස සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය නඟා සිටුවීම සඳහා බැංකුව 2021 වසර අවසාන වන විට රුපියල් බිලියන 185.8කට වැඩි මුදලක් 10,000කට අධික නිවාස ණය පහසුකම් ලෙසින් පිරිනමා තිබේ. ඊට අමතරව, 2021 වසර අවසාන වන විට සන්නද්ධ හමුදාවල විශ‍්‍රාමික ආබාධිත නිලධාරීන් වෙනුවෙන් රුපියල් බිලියන 5.5ක මුදලක් ලබාදී ඇති අතර, රුපියල් බිලියන 68.5ක මුදලක් රජයේ විශ‍්‍රාමිකයන් සඳහා ලබාදී තිබේ. කලාකරුවන් සහ ඒ ආශ‍්‍රිත 

ක්ෂේත‍්‍රයන්හි වෘත්තිකයන්ට සහයෝගය ලබාදෙමින් බැංකුව රුපියල් මිලියන 550.0ක මුදලක් ලබාදී ඇති අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ගුරුවරුන් වෙනුවෙන් වසර පුරා ලබාගත හැකි පරිදි ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 350.5ක ණය සැලසුමක් හඳුන්වාදෙන ලදී. රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා ද මේ හා සමාන පුද්ගල ණය පහසුකම් ලබාදී තිබේ.

මහජන බැංකුව දිවයිනේ ප‍්‍රමුඛතම බලපත‍්‍රලාභී වාණිජ බැංකුවක් වන අතර දිවයින පුරා විහිදුණු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741කින් සහ 8000කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. මහජන බැංකුව සිය පුරා හැට වසරක ඉතිහාසය තුළ මිලියන 14කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවා සපයමින් මිලියන 19කට අධික ගනුදෙනුකාර සම්බන්ධතාවන් සහිතව දිවයිනේ විශාලතම මූල්‍ය සේවා සපයන්නා බවට පත්ව ඇත. 1961 අංක 29 දරන පනතින් මහජන බැංකුව ස්ථාපිත කළ අතර, දිගු කලක් මුළුල්ලේ ෆිච් රේටින්ග් ශ්‍රේණිගත කිරීමේදී (AA-(IKA/Stable) යන ශ්‍රේණිගත කිරීම තහවුරු කරගැනීමට සමත්ව ඇත.