19 හැවිරිදි බිරිය ගණිකා සේවයේ යොදවා කුඩු උරලා

0
99


අනුරාධපුර _ අමිල ප්‍රභාත්

නිවාස තුනක් බිඳ මුදල් සොරා  ගෙන හෙරොයින් පානය කළ තරුණ අඹු සැමි යුවළක්  අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඇත.

 අනුරාධපුර, ගෙවල් පනස්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක තරුණියක් සහ වයස අවුරුදු 21ක තරුණයකු 22දා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්  තරුණයා සහ එම තරුණිය අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන  පාසල් දෙකක අධ්‍යාපනය  ලබා ඇති බවත් පාසල්  ප්‍රේමය දුර දිග ගොස් අවසානයේ දැනට වසරකට වැඩි කාලයක් අඹු සැමියන් ලෙස ජීවත් වන බව පොලිසිය පවසයි.

පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟ මත්කුඩු පානයට තදින් ඇබ්බැහි වී සිටින තරුණයා එම තරුණියද මත්කුඩු පානයට ඇබ්බැහි කරවා ගෙන ඇත. අවට නිවාස තුනක් බිඳ කුඩු පානය කර ඇත. තරුණයා තරුණිය ගණිකා සේවයේ යොදවා ඒ ලැබෙන මුදලින් දෙදෙනාම කුඩු පානය කර ඇති බව  කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයව් තිබේ. 

සැකකරු සහ සැකකාරිය  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන්, කාන්තා උප පො.ප. ප්‍රිදර්ශනී,  පො.සැ. බණ්ඩාර (48317), පො.සැ. නිශාන් (61406),  පො.කො. ඉන්දික (48346), තරි¾දු (78621), රාජරත්න (66934) යන නිලධාරීන්  වැටලීම කර සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි.