‍ෙදාලපීල්ල විහාරාධිපති ආදාහන පූජෝත්සවය අද

0
35


වැල්ලවාය – ජී.අයි. රොෂාන්

බුත්තල ඓතිහාසික උඩගම ‍ෙදාලපීල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති උෟව වෙල්ලස්ස මඩකළපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක අන්දම් පහුවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ අපවත් වූහ.

අපවත්වන විට උන්වහන්සේ අවුරුදු 82 හැවිරිදි වියේ පසුවූහ. පැවිදි දිවියට ඇතුළුවීමෙන් පසු ගතවූ 65 වසරක උන්වහන්සේ කළ ශාසනික සේවාව මෙන්ම සමාජ සේවාවන් අතිවිශාලය.

භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ හතරපේරුවේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් උන්වහන්සේගේ ශ්‍රී  දේහයේ අවසන් කටයුතු විහාරස්ථ ආදාහන මළුවේදී අද (28දා) සිදුකෙරෙයි.