ළඟදීම ආණ්ඩුවට එරෙහිව මහ සංඝරත්නයට තීන්දු තීරණ ගන්න වේවි

0
20


උන්වහන්සේලා ආණ්ඩුවට මේ අනතුරු දැනුම් දී තිබෙන්නේ මෙසේය.

“මහින්ද අගමැතිතුමනි, ගෝඨාභය මහත්තයා ජනාධිපතිකම කරාවි. ඔබතුමා ආණ්ඩුවෙ කළමනාකාරිත්වය හා අධීක්ෂණ බලය අතට ගන්න”යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අභයාරාමයේදී පැවැසූහ.

“කිසාගෝතමී නොමළ ගෙයකින් අබ මිටක් ඉල්ලුවා වගේ මමත් මේ ආණ්ඩුවට කියනවා කලකිරුණු අය නැති ගෙදරකින් පුළුවන්නම් වතුර වීදුරුවක් ගෙනල්ලා දෙන්න කියලා.”

“බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාට වෙනත් සංවර්ධන ඇමැති ධුරයක් භාර දෙන්න. මේ 31 වැනිදා මහ සඟරුවන අභයාරාමයට එකතුවෙලා ඉදිරි පියවර මොකක්ද කියන එක ගැන තීන්දුවක් ගන්නවා.

අපේ ඉවසීම නිවටකමක් හැටියට හිතන්න එපා” යැයි දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කොළඹ පැවැති සම්මන්ත්‍රණයක පැවැසූහ. “අපි වේදනාවෙන් ඉන්නේ. ටිකක් නෙවෙයි. අද එක පැත්තකින් චීනය, ඉන්දියාව තව පැත්තකින් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව අපේ රටේ සම්පත් කොල්ල කන්න සූදානම් වෙලා කටයුතු කරනවා. ඒකටම සුදුසු හොඳ වෙන්දේසි කාරයෙක් දෙන්නෙක් අපිට දකින්න ඉන්නවා.” මිනිසුන්ගේ ජීවන ප්‍රශ්න වැඩිකළා. මිනිසුන්ට වෙනත් යමක් හිතන්න බැරි වෙන්න හදලා. ඒ අස්සේ අපේ රටේ සම්පත් අලෙවි කරනවද කියලත් වෙලාවකට හිතෙනවා.”