සොරාගත් ත්‍රිරෝද රිය සමඟ හිටපු හමුදා සෙබළා කොටු

0
26


මල්ලව – ඩබ්ලිව්. අළුගොල්ල

නිවෙසක නවතා තිබූ ලක්‍ෂ එකොළහමාරක් වටිනා ත්‍රීවීල් රථයක් සොරාගෙන ධාවනය කරමින් සිටි යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු එම ත්‍රීවීල් රථය සමඟ අත්අඩංගුවට ගත් බව රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

වේවැල්වත්ත පොලිස් වසමේ කුඩාව, රත්ගඟ ප්‍රදේශයේ නිවසක ගාල්කර තිබූ ලක්‍ෂ 

එකොළහමාරක් පමණ වටිනා ඩීසල් ත්‍රීවීල් රථය සොරාගෙන ඇඹිලිපිටිය ප්‍රදේශයට ධාවනය වෙමින් සිටියදී වැලිමලුව ප්‍රදේශයේදී අදාළ ත්‍රීවීල් රථය සහ සැකකරුද ත්‍රීවීල් රථයේ තිබූ  යුද  හමුදා කැලෑ නිල ඇඳුමක කමිසයක්ද අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

සැකකරු රත්ගඟ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ක් වන විවාහක අයකු බවද කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ නියෝග උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර මහතාගේ අධීක්‍ෂණය  මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් වේවැල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නිශාන්ත, පො.සැ. ප්‍රියන්ත (11892), පො.සැ. සූරියබණ්ඩාර (41601) පො.සැ. සමීර (10874), පො.කො. අබේදේව (84038) පො.සැ.රි. වසන්ත (11592) යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.