චාමර අමරසූරිය
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල යළි වැඩි කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) විසින් ඉකුත් 25 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
IOC සමාගම පෙට්‍රල් මෙලෙස ඉහළ දැමීමත් සමඟ ‘ඔක්ටේන්’ _ 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් සහ ඔක්ටේන් _ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332ක් ලෙස දක්වා ඇත.