සිංහරාජයට ආවේණික ජීවීන් රට පටවන ජාවාරමක්

0
19

මේ සඳහා යොදා ගන්නා ලද බවට සැක කෙරෙන උපකරණ තොගයක්ද වනජීවී භාරයට ගත් බවත් සැකකාර ජර්මන්  ජාතිකයන් දෙදෙනා  අවුරුදු 47 හා  52  වයසේ අය බවද පැවැසේ. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ග උපදේශකයකු හා සිංහරාජ, හරිත මිතුරෝ ස්වේච්ඡා පරිසර සංවිධානයේ නියමුවකු වන කුමාර ගමගේ මහතා සමඟ දෙණියාය සිංහරාජ කුරුලුගල මංපෙතේ සංචාරය කරමින් සිටියදී  ජර්මන් ජාතිකයකු  විසින්  ගසක  සිටි කටුස්සකු හොර රහසේ අතින් අල්ලා සංචාරකයාගේ ගමන් මල්ලේ සඟවා ගැනීමට උත්සාහ කර තිබේ. පසුව එය දුටු අදාළ මාර්ගෝපදේශකයා වන කුමාර ගමගේ මහතා ඒ බව සිංහරාජ හරිත මිතුරෝ  සංවිධානය වෙත දැනුම් දීමට කටයුතු කර ඇත. අනතුරුව එම සංවිධානය විසින් වනජීවී සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතාට සහ දෙණියාය පොලිසිය ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමට  පියවර ගෙන තිබේ. 

අනතුරුව එම ස්ථානයට පැමිණි දෙණියාය පොලිසියේ නිලධාරීන් හා වනජීවී කාර්යාලයේ  සිංහරාජ අඩවියේ නිලධාරීන් එක්ව සැකකාර ජර්මන් ජාතිකයන් දෙදෙනා නවාතැන් ගෙන සිටි බව කියන දෙණියාය ප්‍රදේශයේ සංචාරක නිකේතනයේ කාමරය සංචාරක නිකේතනයේ  කළමනාකාරිත්වය සහාය ඇතිව පරීක්ෂාවට ලක් කොට තිබේ. 

එහිදී ඉතාමත් සූක්ෂ්ම ලෙස  ගබඩා කර තිබූ සත්ත්ව හා ශාක කොටස් අතර මුහුදු කකුළුවන්, මුහුදු බෙල්ලන්, ශ්‍රී  ලංකාවට ආවේණික මැ¾ඩි විශේෂ, කැරපොත්තන්, දිමියන්, ආවේණික බීජ, කලා¾දුරුවන්, කුහුඹුවන්, කඩොලාන විශේෂ ඇතුළු ඔවුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පිහි, විදුලි පංකා, බැටරි, අඬු, හිස පලඳින විදුලි පංකා, කැමරා දෙකක්, ජංගම දුරකථන තුනක්, ඇසුරුම් උපකරණ,  ඇතුළු භාණ්ඩ රැසක් සොයාගැනීමට හැකිවී තිබේ. මෙම සැකකරු මීට සතියකට පෙර ලංකාවට පැමිණ තිබූ බවත් ඔවුන් දෙදෙනා තංගල්ල ප්‍රදේශයේදී මුහුදු සතුන් රැගෙන  දෙණියාය ප්‍රදේශයට පැමිණ තිබූ බවත්  අද (28දා) දිවයිනෙන් බැහැර වීමට සියලු කටයුතු සැලසුම් කර තිබූ බවද තොරතුරු හෙළිව තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකාර ජර්මන් ජාතිකයන් දෙදෙනා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (27දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දකුණු පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතාගේ උපදෙස් හා නියෝග පරිදි වනජීවී කාර්යාලයේ  සිංහරාජ අඩවියේ වන සත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩබ්ලිව්.ඩී. ජයලාල් මහතාගේ මෙහෙයවීමෙන් වන සත්ත්ව නියාමකවරුන් වන එස්.එම්.එම්.පී.පී. ප්‍රසන්න, ඒ.ජී.එස්.එම්. දිල්ශාන්, ස්වේච්ඡා මාර්ග උපදේශක ඩබ්ලිව්.එම්.සී. මධුසංඛ සහ දෙණියාය පොලිසියේ ස්ථානාධිපති චන්දන අමරරත්න මහතා සහ  ළහිරු  කරුණානායක  ඇතුළු මිරිස්ස අඩවි කාර්යාලයේ නිලධාරීහුද  එක්ව සිටියහ.

වැලිගම – නුවන්, උෟරුබොක්ක – අතාවුද පතිරණ