වෙස්ලි-ශාන්ත බෙනඩික්ට් තරගය විසඳුමක් නැති වෙයි

0
25


ඉෂාන් රශ්මිත

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර “කාර්ට්මන් කුසලාන” වෙනුවෙන් පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, ශාන්ත බෙනඩික්ට් පිල වැඩි ගෞරව හිමි කර ගැනීමට සමත්විය.

ශාන්ත බෙනඩික්ට් පිලේ ඇරැයුමෙන් පළමු පන්දුවට පහරදුන් වෙස්ලි විදුහල් පිලට පන්දුවාර 65කදී කඩුලු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 218ක් පමණි. පිළිතුරු ඉනිම දියත් කළ ශාන්ත බෙනඩිට් පිල පන්දුවාර 64කදී සියල්ලන් දැවී ලකුණු 234ක්  ලබාගත්තේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් තරගය නිමා වන විට වෙස්ලි පිල කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත්විය.

ලකුණු සටහන

වෙස්ලි පළමු ඉනිම – 218/9 (ලිනාල් සුබසිංහ 34, අශාන් ඉෂිර 31, චමත් ගෝමස් 30, ඩිලාන් තාබේ්‍රව් 42/4, සචින් සේනානායක 29/2, චමත් චාතුර්ය 50/2), ශාන්ත බෙනඩික්ට් පළමු ඉනිම – 234 (ෂාරුජන් ෂන්මුගනාදන් 82, ඩිලාන් තාබේ්‍රව් 56, උවින් පෙරේරා 41/4, චමත් ගෝමස් 54/2), වෙස්ලි දෙවැනි ඉනිම _ 162/8 (සනිතු අමරසිංහ නොදැවී 30, අනුදිත් වික්‍රමසිංහ 30, අශේන් ද සොයිසා 47/5)