ඔස්කාර් සම්මාන උළෙලේ මෙවර හොඳ ම නළුවා සම්මානය දිනා ගත් විල් ස්මිත් එම වේදිකාවට පැමිණ නිවේදන කටයුතු සිදු කරමින් සිටි අමෙරිකානු විකට නළුවෙකු වන ක්‍රිස් රොක්ගේ මුහුණට පහර දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ක්‍රිස් රොක් විල් ස්මිත්ගේ බිරිඳ වන ජෙඩා පින්කට් ස්මිත්ට කළ සරදම්සහගත ප්‍රකාශයක් හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බව ය.
එහිදී ජෙඩා පින්කෙට් ස්මිත් කොණ්ඩය බූගා තිබීම සම්බන්ධයෙන් සඳහන් කරමින් රොක් ඇයව හාස්‍යයට ලක් කර ඇත.
එම අවස්ථාවේදී ස්මිත් වේදිකාවට නැගී රොක්ට පහර දී ඇති අතර ඔහුගේ අසුන වෙත ආපසු ගොස් “මගේ බිරිඳගේ නම ඔබේ කටින් ඈත් කරන්න” යනුවෙන් කෑ ගැසුවේය.
විල් ස්මිත්ගේ බිරිඳ මේ වන විට හිස කෙස් හැලීමේ (Alopecia) රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විල් ස්මිත් පසුව කඳුළු සලමින් හොඳ ම නළුවාගේ කතාවේදී සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේ ය.
“මට ඇකඩමියෙන් සමාව ගැනීමට අවශ්‍ය යි. මට මගේ සියලු ම සෙසු නාම යෝජනාකරුවන්ගෙන් සමාව ගැනීමට අවශ්‍ය යි”