විදෙස් සිගරැට් හා ගංජා සමඟ හෝටල් සේවකයා මාට්ටු

0
22


ගාල්ල – ෆර්හාන් නිසාම්දින් 

රජයට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස ගෙන්වන ලද විදේශීය සිගරැට් තොගයක්ද කේරළ ගංජා තොගයක්ද සමඟ සංචාරක හෝටල් සේවකයකු ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උෟරගහ, රත්තොටුවිල පදිංචි 27 හැවිරිදි සංචාරක හෝටල් සේවකයෙකි. සැකකරු ත්‍රිරෝද රථයක් පදවාගෙන එමින් සිටියදී දඩල්ල මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් එය නවතා පරික්ෂා කිරීමේදී විදේශීය සිගරැට් 142ක්, ගංජා ග්‍රෑම් පහක්, කේරළ ගංජා ග්‍රෑම් දෙකක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත. 

ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ සැරයන් මදනායක (14353), කොස්තාපල්වරුන් වන සිල්වා (13948), සිල්වා (95445), අසංක (37716) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.