වැඩිවන භාණ්ඩ මිලට ජනතාවට ආදායම් නෑ

0
29


නාඋල _ අයි.ඒ. කුමාර

මාතලේ හා දඹුල්ල අතර පිහිටා ඇති ප්‍රධාන උප නගර රැසක අලෙවි කෙරෙන භාණ්ඩ රැසක කිලෝවක මිල රුපියල් දහසක් දක්වා පැමිණීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙමින් සිටින බව පාරිභෝගිකයෝ කියති. මේ වනවිට වෙළෙඳපොළේ කුකුළුමස් කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොල්තෙල් ලීටරයක මිලද මේ වනවිට රුපියල් දහස දක්වා වැඩි වී ඇත. වැඩි වී ඇති ඉන්ධන මිලට සාපේක්ෂව මාතලේ හා දඹුල්ල අතර පිහිටි ප්‍රධාන උප නගර රැසක තේ එකක් රුපියල් 80ත් 100ත් අතර මිලකට අලෙවි කරනු ලබයි.

සහල් කිලෝවක මිල රුපියල් 200කට ආසන්නව පවතින අතර සෙසු භාණ්ඩවල මිලද විවිධ ආකාරයෙන් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

මේ අතර බොහෝ පිරිස් පැවැසුවේ වැඩි වන භාණ්ඩවලට සාපේක්ෂව උපයන ආදායම් ඉහළ නොයෑම, සේවා ස්ථානවලින් වැඩිවන භාණ්ඩවලට සාපේක්ෂව වැටුප් වැඩි නොකිරීම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් තමන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.