වසර 2 1/2කට පසු දඹදිව වන්දනා යළි ඇරැඹෙයි

0
127


තිස්ස කොරතොට

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසර 2  1/2කට අධික කාලයක් ඇනහිට තිබූ ශ්‍රී ලංකාවේ බැතිමතුන් සඳහා වන දඹදිව වන්දනා චාරිකා ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගියදා අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව 14 දෙනකුගෙන් සමන්විත එහි පළමු කණ්ඩායම පසුගිය මාර්තු 18 වැනිදා පිටත් කර හැරීමට කටයුතු යෙදූ බව විදේශ බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ මහ ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා පැවැසීය.

දිගු කාලයකට පසුව පැමිණෙන බැතිමතුන් සඳහා වතාවත් හා ආගමික කටයුතු කිරීමට ඉන්දියාවේ සෑම පූජනීය ස්ථානයකම ස්වාමීන් වහන්සේලා දැන් වැඩසිටින බවද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරින් විසින් පනවනු ලබන සියලු සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව දින 12ක උපරිමයකට යටත්ව දැනට මෙම චාරිකා කටයුතු සිදුවන බවද මහ ලේකම්වරයා කීවේය.