වකුගඩු රෝගීන් බහුල පේමඩුවට පිරිසුදු පානීය ජලය

0
37

මැදවච්චිය-ගයාන්                                                                  

තම පෞද්ගලික මුදලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් බහුල පේමඩුව ජනතාවට පිරිපහදු පානීය ජල පවිත්‍රාගාරයක් දීමට මීගමුව ඔරියන්ට් ස්විස් මැෂින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුරවීර වැලිකුඹුර මහතා ඇතුළු පවුලේ සැම කටයුතු කළේය.

මහවිලච්චිය, පේමඩුව ඓතිහාසික  රජමහා විහාරාධිපති, මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, ශ්‍රී සුමංගල මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරි, පූජ්‍ය පේමඩුවේ සුමංගල නායක හිමිගේ ඉල්ලීමකට අනුව මෙය           ගම්වාසීන්හට ලබා දී තිබිණි. 

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පේමඩුව ගම්මානයේ පවුල් ඒකක 640කට ආසන්න පිරිසක් සිටිති. ගොවිතැන මූලික ආදායම කරගත් ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. 

මේ සඳහා රුපියල් ලක්ෂ තිහකට අධික මුදලක් වැය කර ඇත. 

 පේමඩුවේ සුමංගල නායක හිමි පැවිදි දිවියට එක්වී වසර  හතළිහකි. මේ නිමිත්තෙන් කුළ දරුවන්  දෙදෙනකු සසුන් ගත කිරීම  සහ මහා සංඝරත්නය හතළිස් නමකට දහවල් මහා සාංඝික දානය පිරිනැමීමද එදින සිදුවිය.

මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු – නැඟෙනහිර ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමි,  උපාධ්‍යාය පාලිත හිමි, සුරවීර වැලිකුඹුර, නිලන්ති විතානගේ, නිපුන වැලිකුඹුර, රුවන් යන මහත්ම මහත්මීන් සමඟ සතර පේරුවේ දායකයෝ සහභාගි වූහ.