ලක්‍ෂ තුනකට වැඩි වටිනා කේරළ ගංජා සමඟ අයෙක් කොටු

0
28


කොළඹ – ජයසිංහ

ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර නිවෙස තුළදී රුපියල් ලක්‍ෂ තුනකට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවැසීය.

සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝ එකයි ග්‍රෑම් 200ක් පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරු මීට පෙරද ගංජා සමඟ පොලිස් අත්අඩංගුවට පත්වූවෙක් බව පොලිසිය සඳහන් කළේය. 23 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වේ.