රැක සිට පහර දී පාසල් සිසුවිය රෝහලේ

0
29


උෟරුබොක්ක – අතාවුද පතිරණ

රොටුඹ ප්‍රදේශයේ පාසලක 10 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියකට එම පන්තියේ සිසුවියක හා ඇයගේ නැඟණිය විසින් පාසල නිමා වී නිවෙසට යන අතරතුර මාර්ගයේ රැක සිට පහරදීම හේතුවෙන් සිසුවිය රෝහල් ගත කර ඇති බවට පොලිසිය පවසයි.

පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 25 වැනි දිනයි. සිසුවිය පාසල නිමා වී නිවෙසට යන අවස්ථාවේ මාර්ගයේ රැක සිටි සිසුවියන් දෙදෙනකු විසින් අතින් පයින් පහරදීම හේතුවෙන් පහර කෑමට ලක්වූ සිසුවිය මාවරල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට පොලිසිය පවසයි. මෙම පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ සිසුවියගේ මවුපියන් විසින් රොටුඹ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවට පොලිසිය පැවැසීය.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවැසීය.