මේජර් කොස්තා අනුස්මරණ ක්‍රිකට් ශූරතාව ආදි නාලන්දා 2004 කණ්ඩායමට

0
26


මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල

මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයීය (පිරිමි) ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ආදි නාලන්දීය අන්තර් අනුකමිටු මේජර් කොස්තා අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය පසුගියදා වෑගොව්ව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කණ්ඩායම් 25ක් තරග කළ මෙම ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මේජර් ජෙනරාල් අනිල් උදය කුමාර මහතා සහභාගි විය. තරගාවලියේදී ආදි නාලන්දීය 2004 කණ්ඩායම ශූරතාව දිනාගත් අතර අනු ශූරතාව 2008 කණ්ඩායම හිමිකර ගනු ලැබීය.

ජයග්‍රහණය කළ කණ්ඩායම රන් කුසලානය සමඟ ඡායාරූපයේ දැක්වේ.