බිම්ස්ටෙක් සමුළුව BMICH හිදී අද සිට

0
27


සවනි ශේශාධි  – කටුනායක – ටී.කේ.ජී. කපිල

බෙංගාලබොක්ක ආශි්‍රත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුවේ සමුළුව හෙවත්  පස්වැනි බිම්ස්ටෙක් සමුළුව අද (28දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරේ. 

තෙදිනක් පුරා පැවැත්වෙන මේ සමුළුවට විදේශීය රාජ්‍ය නායකයන් මාර්ගගත ක්‍රමයටද සහභාගි වීමට නියමිතය. 

බිම්ස්ටෙක් රටවල ජේ‍යෂ්ඨ නිලධාරීන්ගේ (SOM) සමුළුව අද දිනයේදීත් විදේශ අමාත්‍යවරුන්ගේ (BMM) සමුළුව හෙට (29දා) දිනයේදීත් පැවැත්වේ.

 කොවිඩ් වසංගතයත් සමඟ බිම්ස්ටෙක් සාමාජිකයන් මුහුණදෙන ගැටලු හා අභියෝග, ජාත්‍යන්තරයේ පැනනැඟී ඇති අවිනිශ්චිතතාවන්, බිම්ස්ටෙක් රටවල තාක්ෂණික සහ ආර්ථික මට්ටම් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත. 

මේ සමුළුවට සහභාගි වීම සඳහා බිම්ස්ටෙක් සමුළු මහා ලේකම් ටෙන්සින් ලෙක්පෙල් (Tanzin Lekphell) ඇතුළු පිරිසක් ඉකුත්දා මෙරටට පැමිණියහ.