බැංකු පද්ධතිය කඩා වැටී ඇති බව කීම බොරුවක්

0
26


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳව  විපක්ෂයේ ඇතැමුන් ගෙන යන අසත්‍ය චෝදනා කිසිදු පදනමකින් තොර බවත් පටු දේශපාලන වාසි සහ රට අස්ථාවර කිරීම වෙනුවෙන් ඔවුන් මෙසේ කටයුතු කිරීම පිළිබඳව කනගාටු වන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු පද්ධතියේ ස්ථාවරභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් මේ දක්වා පැන නැඟී නොමැති බව ආණ්ඩුව වෙනුවෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයිද සඳහන් කළේය.

මෙහිදී අමාත්‍ය රමේෂ් පතිරණ මෙසේද කීවේය.

“අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතිය පිළිබඳව කිසියම් ගැටලුසහගත තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ ආචාර්ය හර්ෂ ද සිල්වා  කළ ප්‍රකාශයත් සමඟ අපි ඉතාමත් පැහැදිලිව කියනවා රාජ්‍ය බැංකු පද්ධති කළමනාකාරිත්වය ඉතා පැහැදිලිව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බැංකු මූල්‍ය ස්ථාවරභාවයක් ඇතිව, කිසිම ගැටලුවක් නොමැතිව ස්ථාවරභාවයේ  පවතින බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා  අපි ඉතාම ගෞරවයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරභාවය පිළිබඳව කිසිම ගැටලුවක් ඇති කර ගන්න එපා. රාජ්‍ය බැංකු පද්ධතිය ඉතාම ස්ථාවරව පවතින බව සහතිකය අපි ඉතාම වගකීමෙන් මේ රටේ ජනතාවට ලබා දෙනවා. 

2020 සහ 2021 වසරේ කොරෝනා අර්බුදයෙන් පසුව මතුවෙච්ච තත්ත්වයත් එක්ක මේ වසරේදී ගැටලුකාරි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. අපි ගෞරවයෙන් මේ රටේ සෑම දේශපාලන  පක්ෂයකටම ආරාධනා  කර සිටිනවා  මේ ජාතික අර්බුදය අවස්ථාවේදී ඔවුන්ගේ නිශ්චිත විසඳුම් යෝජනා ආණ්ඩුවට ඉදිරිපත්  කරන්න කියලා. 

පසුගිය දිනවලදී දැක්කා දේශපාලන පක්ෂ කණ්ඩායම් රාශියක්ම මේ හා සම්බන්ධයෙන් රටේ  විවිධ ස්ථානවල උද්ඝෝෂණ පවත්වනවා. එහෙත් අපිට දැක ගන්නට හැකි ප්‍රධාන කාරණය තමයි එම දේශපාලන  පක්ෂ එකක්වත් නිශ්චිත විස¾දුම් යෝජනාවලියක් ඉදිරිපත් කොට නෑ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ  විස¾දුම් යෝජනා ඉදිරිපත් කරන්න කියලා.

මේ රටේ වවන්න පුළුවන් සියලු ද්‍රව්‍ය වවන්නටත්, කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදීම සහ වාහන ආනයනය ඇතුළු අනවශ්‍ය වියදම් සීමා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ. මේ ගැටලුව මතුවන බව වසර  දෙකකට කලින් දැකපු නිසයි. 

ඒ නිසා ආණ්ඩුව ජනතාවගේ පීඩාවන් පිළිබඳව ඉතාම පැහැදිලි වැටහීමක් තිබෙනවා. ඒ නිසා ජනතාවට හැකි ඉක්මනින් සහන සලසන්න ඒ වෙනුවෙන්  විශේෂිත ක්‍රමවේද රැසක් දැනටමත් යෝජනා කරලා තිබෙනවා. ඒ නිසා ගත වන ඉදිරි කාලයේදී විශේෂයෙන් සුබදායී තත්ත්වයක් මේ රටේ ඇතිවෙයි කියලා. ඒ වගේ මෝසම් වැසි නොලැබීම නිසා විදුලිබලය පිළිබඳව පැහැදිලි ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා. පැහැදිලිවම ජල විදුලි නිෂ්පාදනය අඩුවීමත් වාර්තා වන නිසා මේ අර්බුදය වඩාත් උග්‍රවෙලා තිබෙන්නේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුණ රණවක 

“ශ්‍රී ලංකාවේ පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය විදිහට අපි මේ මාසයේ පළමු සති අන්තයේ ඉඳලා ලංකාවේ තරුණ ආසන බල මණ්ඩල සියල්ල නැවත කැඳවීම සඳහා  වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ සඳහා තරුණයන්ගේ විශාල සහභාගිත්වයක් තිබ්බා.  මේ අවුරුදු 02ක කාලය තුළ මේ ආණ්ඩුව තරුණයන් වෙනුවෙන් විශාල වැඩප්‍රමාණයක් කරලා තිබෙනවා.