බන්ධනාගාරයේ සිටින මොරටුවේ ජැක්කාට දෙන්නට දුරකථන දෙකක් ගෙනා සැකකරු කොටු

Date:


පොතුපිටිය – සුමිත් රණවක 

කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටින මොරටුවේ ජැක්කා නමැත්තාට ලබාදීම සඳහා රැගෙන ආ ජංගම දුරකථන දෙකක් ඇතුළත් පාර්සලයක් සමඟ පුද්ගලයෙකු පෙරේදා (26දා) අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, මෝදරවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති මොරටුවේ ජැක්කා නමැති සැකකරු බැලීමට එදින පස්වරුවේ, සැකකරු බන්ධනාගාරයට රැගෙන පැමිණි පාර්සලය බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පතක්, හෑන්ඩ් ෆ්‍රී එකක් සහ චාජරයක් සොයාගෙන ඇත.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර ස්ථානාධිපති (වැ.බ.) පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Popular

More like this
Related

“පෞද්ගලිකව පාඩු වුණත් රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව වැඩ කරන්න සිදු වුණා” – ජනපති

පෞද්ගලිකව කොතරම් පාඩු වුව ද රට සහ ජනතාවගේ ආරක්ෂාව...

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාවේ සංශෝධනයක්

පූර්ණ කාලීනව ත්‍රිරෝද රැකියාවේ නිරත වන පුද්ගලයන්ට ඉදිරියේදී ලබාදෙන...

Monkeypox පරීක්ෂණ හෙට සිට

රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටී දැයි සොයා බැලීම සඳහා...

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක...