පුපුරණ ද්‍රව්‍ය භාවිතයට අනුබල දී සැඟව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

0
39


මුලතිව් – ශෂි කුමාර්

මෝටාර් උණ්ඩ තොගයක් සැපයීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවකු කිලිනොච්චිය,පලෙයි ප්‍රදේශයේ සැඟව සිටියදී 23දා දින යුද හමුදා බුද්ධි අංශය අත්අඩංගුවට ගනු ලැබීය.

කිලිනොච්චිය, පරන්තන්, උමයාල්පුරම් ප්‍රදේශයේදී පසුගිය 2021 දෙසැම්බර් මස 05 වැනිදා නිවෙසක මෝටාර් උණ්ඩයක් ගැලවීමට ගත් උත්සාහයකදී එය පුපුරායෑමෙන් සිවලිංගම් යුවරාජ් නමැත්තකු මියගොස් තවත් අයකුට බරපතළ තුවාල වීමෙන් පසු කරන ලද සෝදිසිවලදී එම නිවෙසේ තිබී තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගන්නා ලදී.

එම ස්ථානයට සහ මියගිය පුද්ගලයාට මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සැපයීම, භාවිතය සහ අනුබල දීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් සොයමින් සිටි ප්‍රධාන සැකකරු පිළිබඳව කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් පලෙයි, කෝවිල්කාඩු, ඉත්තාවිල් ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානයට භාරදීමට යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.