පානමුල්ල ගම්මානයට පිවිසෙන හරස් මාර්ගයට දුම්රිය සංඥා පද්ධතියක් සවි කරන්න

0
32


වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශ්‍රී  සාලිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමේදී එම ඉල්ලීම ඉදිරිපත් විය.

තව දුරටත් කතා කළ ධම්මික හිමියෝ මෙසේ ද කීහ.

මේ ගම්මානයේ ගෙවල් තිස්හයක් තිබෙනවා. 2014 වසරේදී මේ මාර්ගයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන්  රුපියල් ලක්ෂ තිස්හයක ඇස්තමේන්තුවක් එව්වත් ඒ මුදල ගෙවා නැති නිසා එම කාර්ය ඉටු වුණේ නැහැ. දෙපැත්තේ වංගු නිසා අවසර නොදෙන බව කියනවා.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති තුෂාර ජයසේකර මහතා

පාතමුල්ල හරස් මාර්ගය සම්බන්ධයෙන් නිරන්තර පැමිණිලි ලැබෙනවා. මේ සඳහා විස¾දුමක් ලබා දෙන්න. එමෙන්ම අහුන්ගල්ල පොලිසියේ ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මන්දගාමීවයි සිදුවන්නේ. අදාළ කොන්ත්‍රාත්කරු දැනුවත් කොට කඩිනම් කරන්න.

රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතා 

මේ සඳහා කටයුතු කිරීමට ඇල්පිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වෙත දැනුම් දෙන්න.

අම්බලන්ගොඩ පොලිසියේ කාන්තා පොලිස් පරීක්ෂක සන්ධ්‍යා ශාන්ති මහත්මිය, අම්බලන්ගොඩ මුහුදු තීරයේ ඇති අනාරක්ෂිත ස්ථාන හ¾දුනාගෙන ඒ ස්ථානවලට දැන්වීම් පුවරු සවි කර දෙන්න.

බළපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. රෝහිත නයන කාන්ත මහතා 

බළපිටිය කොට්ඨාසය තුළ හා අම්බලන්ගොඩ කලාපය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා දායක වූ විදුහල්පතිවරුන් සඳහා සම්මාන පිදීමක් කළා. මීට අමතරව ගුරු ප්‍රණාම උළෙලක්ද සංවිධානය කළා. කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ පසුපස කොටසේ බිත්ති දිරාපත් වෙලා. ඉරි තළා තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික සහාය ලබා දෙන්න. 

බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි අනුරුද්ධ මහවැලි මහතා

බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන් ඉන්න ඉඩම වටා නිසි ලෙස ආරක්ෂිත තාප්පයක් නැහැ. එය ඉදිකර දෙන්න.

රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතා 

මෙය දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නිසා සියලුදෙනාගේ අවධානය යොමු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. 

බළපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. රෝහිත නයන කාන්ත මහතා 

මම මේ ගැන සොයා බලන්න රේවත විද්‍යාලයට ගියා. අඩි දෙසිය පනහක පමණ දිග තාප්පයක් ඉදිකරන්න තිබෙනවා. 

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශ්‍රී   සාලිය මැන්දිස් මහතා 

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ රේඛීය අමාත්‍යාංශයකින් ප්‍රතිපාදන ලබාදීමට ඇමැතිතුමා මැදිහත් වී ලබා දෙන්න. රේවත ජාතික පාසලේ කලින් තිබූ තත්ත්වයට වඩා දැන් තත්ත්වය හොඳ නැති බවයි දැනගන්න තිබෙන්නේ. පරිපාලන ගැටලු රාශියක් තිබෙන බවත් දැනගන්න තිබෙනවා. 

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. රෝහිත නයන කාන්ත මහතා 

සියලු සුදුසුකම් සපුරා ඇති වඳදුවේ දරුවෙක් මෙවර පළමු ශේ‍ර්ණිය සඳහා ඇතුළත් කරගෙන නැහැ. විදුහල්පතිතිනිය කටයුතු කරන්නේ හිතුවක්කාර අන්දමටයි. ජාතික පාසල් අධ්‍යක්ෂට වැරදි තොරතුරු දීලා ඒ දරුවට විශාල අසාධාරණයක් වී තිබෙනවා. තවමත් පාසලක් ලැබී නැහැ.

රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වා මහතා 

මට විස්තර දෙන්න. අධ්‍යපන උපදේශක කාරක සභාවට දමන්නම්.

බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි අනුරුද්ධ මහවැලි මහතා 

රේවත විදුහලේ සනීපාරක්ෂක කටයුතුවලට ඉන්නේ පිරිමි පුද්ගලයෙක්. කාන්තා වැසිකිළි පවා සුද්ද කරන්න වී තිබෙන්නේ ඔහුටයි. මේ ගැන අවධානය යොමු කරන්න.

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න ශ්‍රී  සාලිය මැන්දිස් මහතා 

බළපිටිය මූලික රෝහලට ස්ථිර වෛද්‍ය අධිකාරිවරයෙක් නැහැ. එන්නේ පුහුණුවක් ගන්න විතරයි. පුහුණුවෙන් පසු ඒ අය යනවා. ස්ථීර නිලධාරියෙක් එවන්න. 

මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එස්.එස්. ද සිල්වා මහතා 

එන්නත් කිරීමේ වැඩසටහන සෑම සෙනසුරාදාවකම අහුන්ගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පෙරවරු 9 සිට 12 දක්වා කරනවා. සෑම මාතෘ සායන මධ්‍යස්ථානයකම සායන පැවැත්වෙන දිනවල දවල් 12න් පසු කරනවා. මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් විසිදෙනකු වාර්තා වී තිබෙනවා. බළපිටිය කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස හයෙන් තුන් දෙනකු විතරයි  සේවය කරන්න ඉන්නේ. තව තුන් දෙනකුගේ අඩුවක් තිබෙනවා. ඒ නිසා  කොට්ඨාස හයේ රාජකාරි කිරීමේදී තුන්  දෙනාට විවිධ අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙලා.

පශු වෛද්‍ය නිලධාරිනි කේ. පී. එල්. සුරංගි මහත්මිය

කුර රෝගය පාලනය කරමින් ඉන්නේ. ඒ සඳහා උපදේශන හා පුහුණු වැඩසටහන් පවත්වනවා. කාර්යාලයේ පහළ කොටසේ වැඩ සඳහා රුපියල් ලක්ෂ තිහක් පමණ වෙන් වුණත් එය ප්‍රමාණවත් නැහැ.

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි ජේ.එස්.ඒ. පතිරණ මහත්මිය 

මේ වනවිට නිෂ්පාදනාගාරයේ ඔෟෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍යවල හිඟයක් තිබෙන නිසා ඔෟෂධ පැළෑටි වාණිජ මට්ටමින් ග්‍රාම නිලධාරි කොට්ඨාස තුළ වගා කිරීමට පුද්ගලයන් තෝරා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඒ. දයාරත්නද සිල්වා මහතා

කොස්ගොඩ උෟරගහ පාර කාපට් කරනවා. ජල නළ එළා කළොත් වඩා හොඳයි. නැත්නම් වතුර දෙන්න පාර කැඩුවම පාරේ ප්‍රමිතිය නැති වෙනවා. වියදම් කරන මුදලට සාධාරණයක් ඇතිවන්නේ නැහැ.

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි  චන්න ශ්‍රී  සාලිය මැන්දිස් මහතා

 ජල නළ එළන්න තවම සල්ලි ලැබී නැහැ කියනවා. 

ප්‍රාදේශීය සභා මන්ත්‍රි ප්‍රදීප් චමින්ද ද සිල්වා මහතා 

බ්‍රාහ්මණවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසමේ රේගුව පාර සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට යෝජනා ඉදිරිපත් කර ඇතත් තවමත් ඉටුවෙලා නැහැ.

අහුන්ගල්ල _ ඒ. සිවනෙත්ති