පළාත් රැසකට තැනින් තැන වැසි

0
22


චන්දන ලක්මාල්

දිවයිනේ බස්නාහිර, සබරගමුව මධ්‍යම, උතුරු මැද, වයඹ සහ උෟව පළාත්වල අද (28දා) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශයේ සුළං දකුණ සිට ගිනිකොන දක්වා දිසාවලින් හමා එන බැවින් සුළඟේ වේගය පැ. කි.මී. 20  – 30 පමණ අතර එම මුහුදු  ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.