පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කරයි

Date:


අනුරාධපුර _ ආනන්ද කරුණාදාස

විදේශයක වෙසෙන පුද්ගලයකු විසින් අන්තර්ජාලය  ඔස්සේ කළ මෙහෙයවීමකට අනුව නිදන් ලබා ගැනීමේ අරමුණින් අඩි 50ක් ගැඹුරට කැණීම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට පලා ගොස් සැඟව සිටින සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්  මඟින්  වරෙන්තු නිකුත් කළේය. අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේ මනම්පිටියේ පදිංචිකරුවන් වන නිරෝෂන් ප්‍රියන්ත සහ ඩබ්.කේ.වසන්ත සහ දඔුල්ල පදිංචිකරුවකු වන ලහිරු දේශාන් යන සැකකරුවන්ය. සැකකරුවන් සමඟ  අත්අඩංගුවට ගත් ගල් වෙඩි සහ වෙඩි බෙහෙත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව  අධිකරණයට කැඳවන ලෙසටද  වනජීවී නිලධාරීන්ට නියෝග කෙරිණි. 

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට රිමාන්ඩ්  කර සිටින සැකකරුවන් ඇප ඉල්ලීම්  යළි ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන් අප්‍රේල් මස 1 වැනි දින දක්වා රිමාන්ඩ්  කිරීමටද නියෝග කරනු ලැබීය. මෙසේ යළි රිමාන්ඩ්  කළේ ඒ.එම්.එන්. අත්තනායක/ ටී.එම්. වික්‍රමසිංහ/ ටී.එච්.එස්. ඩබ්.  කුමාර  සහ ගමගේ ජයසිරි සහ යූ.ඒ.ජී. ප්‍රේමතිලක  යන සැකකරුවන්ය. ඔවුන් දඔුල්ල – මනම්පිටිය දියබෙදුම – කෝදුරුවාව සහ උෟරුබොක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 

මුල් ‘බී’ වාර්තාව මඟින්  සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මින්නේරිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් මින්නේරිය ස්වභා රක්ෂිතයේ  දියබෙදුම කෝදුරුවාව ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.  නිදන් ලබා ගැනීමේ අරමුණින් සැකකරුවන් අඩි 50ක් පමණ ගැඹුරට පොළොව හාරා තිබූ බවත් ඒ සඳහා පොළොව විදින යන්ත්‍ර යොදා ගෙන තිබූ බවත්  අධිකරණයට සැල කළ වනජීවී නිලධාරීන් සැකකරුවන් සමඟ විදුලි ජනන යන්ත්‍ර දෙකක්, ගල් විදීමට යොදා ගන්නා හිල්ටි යන්ත්‍ර දෙකක් ඩෙටනේටර් (පුපුරණ ද්‍රව්‍ය)  කූඩාරම් උපකරණ,  ගල් වෙඩි නූල්, වතුර බට, ගල් කපන යන්ත්‍ර, වයර් සහ  ජංගම දුරකථන අටක්  සිය භාරයට ගැනීමට හැකිවූ බවද සඳහන් කළේය. 

විදේශයක වෙසෙන  පුද්ගලයකු අන්තර්ජාලය ඔස්සේ නිදන් සොරා ගැනීමට මෙම මෙහෙයුම මෙහෙයවා ඇති බවත් සැකකරුවන් මසකට ආසන්න කාලයක්  නිදන් හැරීමේ කටයුතුවල නියැළී ඇති බවත් විමර්ශනවලදී හෙළිවිණැයිද වනජීවී නිලධාරීන් අධිකරණයට දැන්වීය. පැමිණිල්ල වෙනුවෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ප්‍රදීප් මහතාගේ උපදෙස් මත වනජීවී අඩවි  ආරක්ෂක ඩබ්.එම්.එස්.කේ. වාසල මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා පෙනී සිටියේය.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

ලයිට් කැපූ වේලේ දුරකථන ඇමැතුමක් ගන්න ගිය සිසුවා ඇද වැටී මරුට

උෟරුබොක්ක - අතාවුද පතිරණ  බෙරලපනාතර පුහුල්හේනකන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි...

මැදවච්චියේ සිගරැට්ටුවක් රු. 100යි

මැදවච්චිය - ගයාන්  මැදවව්චිය නගරයේ වෙළෙඳසල්වල දුම්වැටි මිලත් රජයෙන් ඉහළ...

සොරාගත් ලක්ෂ 50ක ඔරලෝසුව 5000කට විකුණන්න ගිය තරුණයන් දෙදෙනා රිමාන්ඩ්

අමිල අබේරත්න  කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඇතුළු වී ලක්ෂ...

විදුලිය කැපීමෙන් රාජකාරීවලට බාධා

ලුණුවිල - රෝස් කොලින් වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් විශාල ජනතාවකට...