නාන්න ගිය තරුණයන් දෙදෙනෙක් සීතාවක ගඟට බිලි

0
26


සීතාවක – අරන්දර දිසානායක, 

    උඳුගොඩ _ ඒ. නරසිංහ

ශ්‍රී පාදය වන්දනා කර ආපසු එමින් සිටි පිරිසක්  දෙහිඕවිට යෝගම ප්‍රදේශයේ සීතාවක ගඟේ දිය නෑමට ගොස් තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව දෙහිඕවිට පොලිසිය පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ ශාන්ත සෙබස්තියන් වීදිය, කොළඔ 12 ලිපිනයේ පදිංචි රවිශ්ක නවෝද සහ අංක 41 වර්ණ වංශ මාවත ඔබේසේකරපුර පදිංචි සුරේන්ද්‍රන් කුමාර් යන පුද්ගලයන් වෙති.

කොළඹ, කෙසෙල්වත්ත හා ගල්වල වත්ත, පදිංචි මොවුන් සිරිපාදය වන්දනා කිරීමට ගොස් ආපසු එමින් සිටියදී දෙහිඕවිට – පනාවල මාර්ගයේ යෝගම සුදු පාලම අසල සීතාවක ගගේ කළුවල වැලි තොටුපොළ අසල දිය නෑමට ගොස් ඇත. 

පසුව මෙම පිරිසේ එක් තරුණියක් දියේ ගසාගෙන ගොස් ඇති අතර ඇය බේරා ගැනීම සඳහා තරුණයකු උත්සාහ ගැනීමේදී ඔහුද දියේ ගිලී තිබේ. පසුව ඔවුන් දෙදෙනා බේරා ගැනීමට තවත් පුද්ගලයකු ගඟට පැන ඇත. පසුව තරුණිය දිවි බේරාගෙන ඇති අතර තරුණයන් දෙදෙනා දියේ ගිලී මිය ගොස් ඇත.  ප්‍රදේශවාසීන් විසින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩගෙන ඇති අතර මේ වනවිට අවිස්සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර තිබේ.  

පශ්චාත් මරණ පරීක්ෂණයක් හා මරණ පරීක්ෂණයක් අවිස්සාවේල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳව දෙහිඕවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.