දෙදරු මව ළිඳේ වැටී මරුට

0
24


ගාල්ල – කමල් විජේහේවා

යක්කලමුල්ල, නබදව ප්‍රදේශයේ දෙදරු මවක් ළිඳේ වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

මියගොස් ඇත්තේ යක්කලමුල්ල, නබදව ප්‍රදේශයේ පදිංචි රත්නායක අප්පුහාමිලාගේ පුෂ්පා කුමාරි (41) නමැති දෙදරු මවකි. ඇය නිවෙසේ සිටි තම දස හැවිරිදි පුතුට වැසිකිළියට යන බව පවසා නිවෙසින් පිටතට ගොස් ඇත. මව නැවත නොපැමිණීම නිසා පවුලේ ඥාතීන්ට මේ බව දන්වා සොයා බැලීමේදී ඇය ළිඳේ වැටී සිට ඇති බව  හදිසි මරණ පරික්‍ෂණයේ සාක්‍ෂි විභාගයේදී අනාවරණය වී තිබේ.

මියගිය මවගේ හදිසි මරණ පරීක්‍ෂණය ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක මහේෂ් ධර්මරත්න මහාතා විසින් කළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි තරංග ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබීය.