දකුණු කොරියාවටම සම්පතක් වුණු Blackpink

0
79

Blackpink කණ්ඩායම කරළියට එන්නේ 2016 වසරේදීයි. නමුත් මේ කණ්ඩායම නිර්මාණය සඳහා සැලසුම් සකස් වෙලා තිබෙන්නේ 2009දීයි. YG එන්ටර්ටේන්මන්ට් සමාගම දකුණු කොරියාව තුළ මෙන්ම තවත් රටවල් කිහිපයක් තුළ හඬ පරීක්ෂණ පවත්වමින් මේ කණ්ඩායම සඳහා සාමාජිකාවන් තේරීම සිදු කර තිබෙනවා. ඒ අනුව තෝරාගත් දක්ෂයන් හතර දෙනෙක් තමයි කළු රෝස් විධියට 2016 වසරේ අගෝස්තුවේදී එළියට එන්නේ.

ජිසූ Kim Ji-soo

මේ ගෘෘප් එකේ නිල නොලත් නායිකාව ලෙස කටයුතු කරන්නේ ජීසූයි. ඇයට වැඩිමල් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. ජීසු කියන්නේ රැන්ඩම් විධියට අනෙක් අයට නික් නේම් දාන්න දක්ෂ කෙනෙක් කියලායි කියන්නේ. ඒ වගේම ඇයට චතුර ලෙස ඉංග්‍රිසි භාෂාව කතා කරන්නත්, ලියන්නත් පුළුවන්ලු. හැබැයි ජීසු උස තැන්වලට නම් තරමක බියක් දක්වනවා. ජීසු කියන්නේ අනෙක් ගැහැනු ළමයි වගේ වැඩිය ෂොපින් කරන්න ආස කෙනෙක් නම් නොවෙයි. ඇය දක්ෂ ඩ්‍රම්ස් හා පියානෝ වාදන ශිල්පිනියක් වගේම ටයිකොන්ඩෝ සුදුපටිධාරි ක්‍රීඩිකාවක්. ඒ වගේම හැරී පොටර් කතා මාලාවට වගේම ටොම් හාර්ඩික්ටත් ජීසු ගොඩක් කැමතියිලු. ඇයගේ හොඳම මිතුරිය ජෙනී කියලා තමයි ආරංචි වන්නේ. ජීසුගෙ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 8 – 10 අතර ප්‍රමාණයක් වෙනවා.

ජෙනී Jennie Kim

ජෙනී කියන්නේ Blackpink කණ්ඩායමට මුලින්ම සම්බන්ධ වූ සාමාජිකාවයි. ඇය පවුලේ එකම දරුවාලු. ජෙනීට කොරියන් භාෂාව වගේම හොඳින් ජපන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාවත් හසුරවන්න පුළුවන්. ඇයට සුරතල් බලු පැටවුන් දෙදෙනෙක් සිටිනවා. පියානෝව වගේම බටනළාවත් හොඳින් වාදනය කිරීමේ හැකියාව ජෙනීට තිබෙනවාලු. ජෙනීට කියන තවත් නික් නේම් එකක් වන්නේ Human Gucci  යන්නයි. ඇයව මෙලෙස හ¾දුන්වන්නේ ඇය ට්භජජඪ බ්‍රෑන්ඩ් එකේ ඇ¾දුම් අඳින්න ගොඩක් කැමැති නිසයි. BTS කණ්ඩායමේ V වත් මේ විධියට හ¾දුන්වනවා. ජෙනී කියන්නේ Blackpink කණ්ඩායමේ සිටින දක්ෂම කෑම පිසින්නිය කියලත් පැවසෙනවා. ජෙනීගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්. 

රෝස් Roseanne Park

රෝස් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉපදුණු කෙනෙක්. රෝස් ඕස්ට්‍රේලියාවේ සිටින කාලයේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් විධියට කටයුතු කරලා තිබෙනවා. ඇයට වැඩිමල් සහෝදරියක් සිටිනවා. රෝස් ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ කෙනෙක්. YG එන්ටර්ටේන්මන්ට් විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වූ හඬ පරීක්ෂණයට සහාභාගි වෙලා තමයි රෝස් මේ කණ්ඩායමට සම්බන්ධ වුණේ. 

ඒ වගේම ඇයට පියානෝව වගේම ගිටාර් එකත් හොඳින් වාදනය කරන්න පුළුවන්ලු. රෝස්ටත් ජපන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාවත් හොඳින් හසුරවන්න පුළුවන්. වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 8 – 10 අතර ප්‍රමාණයක් වෙනවා.

ලීසා Lalisa Monobal

මේ කණ්ඩායමේ සිටින ළාබාලම කෙල්ල ලීසා. ඉන්ස්ටග්‍රෑම් එකේ වැඩිපුරම  Followers ලා ගණනක් සිටින්නේත් ලීසාටයි. ඇය පවුලේ එකම දරුවා. ඒ වගේම ලීසා කියන්නේ තායි ජාතික කෙනෙක්. ලීසාගේ උපන් නම  නැන්ප්‍රියා, ජේ‍යාතිෂවේදියෙක් ඇයගේ මවුපියන්ට කියලා තිබෙනවා ඇයගේ නම වෙනස් කරලා ලීසා කියන නම ඇයට දැම්මොත් ඇය ගොඩක් ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා. ලීසාටත් ගිටාරය වාදනය කරන්න පුළුවන්. ඒ වගේම මේ කණ්ඩායමේ සිටින සාමාජිකාවන් අතරින් වැඩිපුරම මේකප් භාවිත කරන්නෙත් ලීසා. ඒ වගේම ඇය ආසම කාටුන් චරිතය රපුන්සල් කියලා තමයි කියන්නේ. අවුරුදු 24ක් පමණ වෙන මේ පොඩි කෙල්ලගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක් පමණ වෙනවා. 

මේ ගැහැනු ළමයි හතර දෙනා ජීවත් වෙන්නේ YG ආයතනය විසින් ඔවුන් සඳහා වෙන් කළ නිවාස කලාපයකයි. ඔවුන්ගේ ජීවන රටාව ගැන කතාංග 12 කින් යුතු රූපවාහිනි වැඩසටහනක් විධියට 2018දී විකාශය වුණා. එම වැඩසටහනේ නම Blackpink  Tv show. මේ ටීවී ෂෝ එක IDMB ශ්‍රේණිගත කිරීමේ 8.7 අගයක් ලබා ගෙන තිබෙනවා. 

Blackpink ලා ඔවුන් නිකුත් කළ පළමු ගීතයෙන්ම ලෝකයේ අවධානය දිනාගන්නට සමත් වුණා. 

ඒ ගීතය තුළින් ලෝක ගීත ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ අංක එකට පත් වෙන්නට ඔවුන්ට හැකි වුණා. වැඩිම යූටියුබ් ඉභඡඵජපඪඡඥපඵලා ප්‍රමාණයක් සිටින ඒ කියන්නේ මිලියන 64.5ක් සිටින යූටියුබ් චැනල්එක වන්නේ Blackpink යූටියුබ් චැනල් එකයි. ගීතයක් අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසුව වැඩිම නැරඹුම් වාර ගණනක් හිමිකරගත් ජනප්‍රියම ගීත ලැයිස්තුවේ Blackpink ලාගේ ගීත 4ක් තිබෙනවා. 2020දී කොවිඩ් වසංගත සමයේදී ඔවුන් නිකුත් කළ The Album  නම් ගීත ඇල්බමය ලෝකය පුරා මිලියනය ඉක්මවා අලෙවි වෙලා තිබුණා. ඒ වගේ වසංගත කාලයක එතරම් අලෙවියක් ලබන්නට තරම් පුළුල් ජනප්‍රියතාවක් ලබා ගැනීමට ඔවුන්‍ට හැකිවෙලා තිබෙනවා.

මේ සුන්දර කෙල්ලෝ හතර දෙනා ගායනයෙන් වගේම නර්තනයෙනුත් ඉදිරිපත් කිරීම් කරනවා. ඒ වගේම තමන්ගේ රසිකයන් වෙනුවෙන් සෑම විටම තමන්ගේ උපරිමය ඉදිරිපත් කරන්න ඔවුන් උත්සාහ ගන්නවා. අසනීප තත්ත්වයන්, තුවාල වීම්, වේදිකාවේ සිදුවන ඇදවැටීම් වුණත් සිනහවකින් දරාගෙන තමන්ගේ රසිකයන් පිනවන්න Blackpink ලා නිතරම උත්සාහ ගන්නවා. 

BTS වගේම Blackpink ලාටත් ඔවුන්ගේ රසිකයන් හ¾දුන්වන්න වෙනම නමක් තිබෙනවා. ඒ තමයි BLINK. මේ නම හැදිලා තිබෙන්නේ Blackpink කියන නමේ මුල අකුරු දෙක සහ අග අකුරු දෙක එකතු කරගෙනයි. ලෝකය පුරාම විහිදුණු රසික පිරිසක් මොවුන්ට සිටිනවා. අපේ රටේත් යොවුන් වයසේ බොහෝ ගැහැනු ළමයි වගේම පිරිමි ළමයිනුත් Blackpink රසිකයන්.

මොවුන් දකුණු කොරියාවේ ජාතික වස්තුවක් ලෙස සැලකෙනවා. හේතුව ඔවුන් දකුණු කොරියාවට විශාල විදෙස් විනිමයක් ගෙන දෙන පිරිසක් වීමයි. ඒ වගේම මේ වනවිට ලෝකයේ සිටින ජනප්‍රියම කාන්තා සංගීත කණ්ඩායම් අතර මුල් තැන හිමිකර ගන්නට Blackpink ලා සමත් වෙලා තිබෙනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර