ත්‍රිරෝද මගීන් 20%ක් අඩු වෙලා

0
32


තරිඳු නානායක්කාර 

විවිධ වෘත්තීය සංගම් එකතු වී මාධ්‍යයට ලබා දෙන වැරැදි තොරතුරු හේතුවෙන් ත්‍රිරෝද භාවිත කරන මගීන් සියයට විස්සකින් පමණ තවදුරටත් අඩුවී ඇතැයි ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර ‘මව්බිම’ට පැවැසීය.

ඉන්ධනවල පවතින හිඟය සහ මිල වෙනස් වීම් හේතුවෙන් විවිධ සංගම්වලින් අය කළ යුතු ගාස්තුව එකිනෙකට පරස්පර අයුරින් මාධ්‍යවලට ලබා දීම හේතුවෙන් නිතර ත්‍රිරෝදරථවල ගමන්කරන මගීන් මෙලෙසින් අඩු වී ඇතැයි හෙතෙම කීය.

ලංකාව තුළ වැඩියෙන්ම පවතින්නේ මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ බැවින් නිශ්චිත මුදලක් අය කරමින් තම සේවාව ලබා දීම ගැටලු සහගත බවත් ඔහු සඳහන් කළේය.

නිතර වෙනස්වීම්වලට ලක්වන ඉන්ධන මිල සහ අමතර කොටස්වල ඇති අධික මිල හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමා තිබුණද තවමත් කිසිදු සහනයක් රජයෙන් නොලැබෙන බවත් සභාපතිවරයා පැවැසීය.