තණමල්විල ලොරි-කාර් අනතුරින් සිමෙන්ති කොට්ට මහ පාරේ

0
23


වැල්ලවාය – ජී.අයි. රොෂාන් 

සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වැල්ලවාය, තණමල්විල මාර්ගයේ වෙහෙරයාය, ආරියසිරි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් (26දා) අලුයම අනතුරට පත් විය. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථය ලොරි රථයේ ගැටීම වළක්වා ගැනීමට ලොරි රථයේ රියැදුරු උත්සාහ ගැනීමේදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර වී ඇත. 

ලොරි රථයේ තිබූ සිමෙන්ති කොට්ට සියල්ල ඉවතට විසි වී ගොස් තිබිණි. මෙම අනතුරින් කිසිවකුටත් තුවාල වී නොමැති අතර මෝටර් රථයට දැඩි අලාභ හානි වී තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරික්ෂණ කරයි.