ජනපති මැඳුර වටලන්න රජරට ගොවීන් සමඟ අපිත් එනවා

0
31


රාජාංගණය – කේ.එම්. චන්දික

මාස් කන්නයේ වගා හානියට රජය පොරොන්දු වූ පරිදි වන්දි මුදල ලබා ගැනීම, ඉහළ යන ඉන්ධන මිල සමඟ ඇතිවී ඇති ජීවන බර අඩු කිරීම, එළඹෙන යල් කන්නයට රසායනික පොහොර යන ඉල්ලීම් මුල්කරගෙන උද්ඝෝෂණයක් රාජාංගණය සිරිමාපුර මංසන්ධියේදී පැවැත්විණි. 

රසායනික පොහොර නොදීම නිසා පසුගිය මාස් කන්නයේ අස්වැන්න සීඝ්‍ර ලෙස පහත වැටුණු බැවින් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි  

උද්ඝෝෂකයෝ පැවැසූහ.

කඩිනම් විසඳුම් ලබාදීමට රජය මැදිහත් නොවුණහොත් ජනාධිපති මන්දිරය වැටලීමට රජරට ගොවියන් සමඟ තමන්ද එක්වන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.