ගී රස වින්දන වැඩසටහනක් පන්නලදී

0
33


යක්විල – ජේ. ඒකනායක 

‘දන්නා ගීතයේ නොදන්නා අරුත සොයා යෑම’ යන තේමාව යටතේ කොරෝනා උවදුර හේතුවෙන් නිවෙසට කොටුව සිටි කාන්තාවන්ගේ මානසිකත්වය වර්ධනය කිරීම සඳහා ගී රස වින්දන වැඩසටහනක් පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස්. වික්‍රමරත්න බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. 

එම කාර්යාලයේ වනිතා කටුයුතු සංවර්ධන අංශයේ නිලධාරිනියන් වන අනෝමා දමයන්ති, එරන්දි ජයකොඩි, නදීකා සිරිවර්ධන යන මහත්මීන් සංවිධානය කරන ලද ප්‍රසංගයේදී විශාරද රේණුකා දිසානායක, දර්ශන රාජකරුණා යන මහත්ම මහත්මීහු ගීත ගායනා කළහ. ප්‍රධාන දේශනය පැවැත්වූයේ ප්‍රවීණ සිංහල දේශක අනිල් දේශප්‍රිය මහතා විසිනි.