ගිගුරුම් සහිත මහ වැසි වැටෙයි

0
32


නෝර්වුඩ් – නීටා පත්ම කුමාරි, 

 වටවල – සී.ඩී.එච්. හේවගේ  

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක  ප්‍රදේශවලට 26 වැනි දින පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත විය.

එම ජල පෝෂක ප්‍රදේශවලට අයත් මස්කෙළිය, නල්ලතන්නිය, නෝර්වුඩ්, බගවන්තලාව සහ හැටන් යන ප්‍රදේශවලට පෙරේදා (26දා) පස්වරු 4.30 සිට පස්වරු 5.00 පමණ තෙක් ගිගුරුම් සහිත අධික වර්ෂාව පතිත විය. පසුගිය මාස කිහිපය තුළ එම ජල පෝෂක ප්‍රදේශවල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබිණි.

පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් ඇතුළු ප්‍රදේශ රැසක පානීය ජල ගැටලුවක්ද මතු වී තිබිණි. 26 වැනි දින පස්වරුවේ හැටන් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගය හරහා වැසි ජලය ගලා බැසිමෙන් රථවාහන ගමනාගමනයටද බාධා ඇති විය.