කෑමට නුසුදුසු හරක් මස් විකුණූ ව්‍යාපාරිකයාට නඩු

0
21


උෟරුබොක්ක _ අතාවුද පතිරණ

බලපත්‍ර නොමැතිව මිනිස් පාරිභෝජනයට නුසුදුසු හරක් මස් අලෙවි කළ වෙළෙඳ ව්‍යාපාරිකයකු හරක් මස් කිලෝ 14ක් සමඟ උෟරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උෟරුබොක්ක, කටුවන පාර පදිංචි 44 හැවිරිදි වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප.පො.ප. ජී.පී. අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (26දා) දින උෟරුබොක්ක කටුවන පාර ප්‍රදේශයේ වෙළෙඳසලක් පරීක්ෂා කිරීමේදී 

වෙළෙඳසලේ අධි ශීතකරණයේ ගබඩා කර තිබූ හරක් මස් කිලෝ 13ක් සොයාගෙන ඇත. වැටලීමට නිලධාරීන් වෙළෙඳසලට ගිය අවස්ථාවේ එහි සිට කළු බෑගයක් අතැතිව පිටතට පැමිණි පුද්ගලයකු අත තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී එම බෑගයේ තිබී හරක් මස් කිලෝ එකක් සොයා ගැනීමට හැකිව ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයා විසින් හරක් මස් කිලෝවක් රුපියල් 1200ක මුදලකට අලෙවි කර ඇති බවයි. ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු හරක් මස් අලෙවි කිරීම සහ ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා සැකකාර ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැර ඇත.

ස්ථානාධිපති ප්‍ර.පො.ප. සමරවික්‍රම මහතාගේ උපදෙස් අනුව උ.පො.ප. අබේවික්‍රම, පො.කො. පේමරත්න (56012), පො.කො. ස¼දරුවන් (68868), පො.කො. ධනුෂ්ක (78230), කා.පො.කො. මිහිරාණි (8431) යන නිලධාරීන් වැටලීමට කර ඇත.