කැලණි ගඟෙන් නාඳුනන පිරිමි මළසිරුරක් බියගම පොලිසියෙන් ගොඩ ගනී

0
42


දෙල්ගොඩ – බිහදු විනුවර,

බියගම – කේ. දුමින්ද

කැලණි ගඟේ පාවී ආ හඳුනා නොගත් පිරිමි මළ සිරුරක් පෙරේදා (26දා) රාත්‍රි බියගම පොලිසිය විසින් සොයාගෙන ඇත.

බියගම ප්‍රධාන නිවාඩු නිකේතනයක් පිටුපස ඉවුරෙන් පොලිසිය මැදිහත්ව ගොඩගත් වයස අවුරුදු 35ක් පමණ වූ හඳුනානොගත් මෙම පිරිමි මළසිරුර හමුවූ ස්ථානයට ඊයේ පැමිණි මහර වැඩබලන මහෙස්ත්‍රාත් වසන්ත රාමනායක මහතා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම මහ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියම කළේය. බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.