කසළ තේ ලොරියක් රුවන්වැල්ලේදී කොටු වෙයි

0
24


ගම්පොළ, වෙලම්බඩ ප්‍රදේශයේ සිට පැමිණ ඇති ලොරිය බුද්ධි තොරතුරක් මත පරීක්ෂාවේදී අත්අඩංගුවට පත්වී තිබේ. මෙහි කිලෝ 25 බෑග් 75ක්ද තවත් කිලෝ 30 බෑග් 33ක්ද තිබී ඇත. රියැදුරා ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.  සැකකරු පොලිස් ඇප  මත මුදා හැර ඇති අතර රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ජානක තුෂාර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් ප්‍රියන්ත, උප පොලිස් පරීක්ෂක හේමන්ත, පොලිස් සැරයන් දයානන්ද (49353), රාජපක්ෂ (33408), බණ්ඩාර (63757) යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත. 

අවිස්සාවේල්ල – මුදලිගේ තිලකරත්න