කඩෙන් බඩු ගනිද්දී මාලේ කඩාගෙන

0
38


මිහින්තලේ  –  සුමේධ කරුණාරත්න

අනුරාධපුර නගරයට ආසන්න බුද්ධගයා මාවතේ වෙළෙඳසලකින් භාණ්ඩ ලබාගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාලයක් පුද්ගලයකු කඩාගෙන යතුරු පැදියකින් පලාගොස් ඇත. 

සිද්ධියට ලක්ව ඇත්තේ අනුරාධපුර, බුද්ධගයා මාවතේ 36 හැවිරිදි කාන්තාවකි. කාන්තාව සිය නිවෙස ආසන්නයේ පිහිටි පෞද්ගලික පාසලකට තම දරුවා ඇරලවා ආපසු නිවෙසට එන අතර වාරයේ නිවෙස ආසන්නයේ පිහිටි වෙළෙඳසලකට භාණ්ඩ මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී පුද්ගලයෙක් වෙළෙඳසලට පැමිණ ඇයගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක නැඟ පලාගොස් තිබේ. කාන්තාවගේ මාලය කඩාගත් පුද්ගලයා පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණයවී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.