එයාව අමතක කරන්න අමාරුයිද?

0
91

බොහෝ බලාපොරොත්තු ඇතිව බැඳීම් ඇති කරගත්තත් යම් පිරිසකට අනපේක්ෂිත සිදුවීම් නිසා දිනෙක වෙන්වීමට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආදරය කරන පුද්ගලයාගේ අභ්‍යන්තර වෙනස්වීමකට මුහුණදීමට සිදුවෙන්න පුළුවන්. ඇත්තටම තරුණ වයසේ සිටින මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන බොහෝ දෙනෙක්ට මේ අත්දැකීම හරියට කළමනාකරණය කරගන්න අපහසුයි. කෙටියෙන් කිවහොත් ඔවුන්ට එය දරාගන්න බැහැ.

මොකක්ද මේ ආදරය (Love)  කියන්නේ.?

අපි ආස කරන කෙනෙක් වෙනුවෙන් මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලියක ආරම්භය තමයි ආදරයක් විධියට හඳුන්වන්නේ. මෙය දීර්ඝ කාලීනව මනසට ලබාදීමෙන් නැතුවම බැරි තත්ත්වයට පත්වෙනවා. එනම් ඇබ්බැහි වීමක් සිදුවෙනවා. එය හරියටම කිවහොත් මත්ද්‍රව්‍යයක් දිගුකාලීනව භාවිත කරනවා වගේ තමයි. මෙය ආදරය නිසා වගේම ආශාව නිසාත් සිදුවිය හැකියි.

මේ ඇබ්බැහි වීම නිසා අපි මීට පෙර ගත කළ සාමාන්‍ය ජීවන රටාව වෙනස් වෙනවා. එනම් අපි මේ ඇබ්බැහිවීමට අනුගත වෙනවා.  තමන්ට ඒක දැනෙන්නේ නැහැ. කැමැත්ත නිසා අපි කෙනෙක්ට ළං වූ පසු අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දිනෙන් දින මෙය වෙනස් අතකට ගලාගෙන යනවා.

යම් පුද්ගලයෙක් ගැන දැනෙන සුවිශේෂී හැඟීමක් තමයි අපි ආදරයක් විධියට හඳුන්වන්නේ. මෙය සිදුවන්නේ මම කලින් සඳහන් කළ ආකාරයට මෙය සිදුවන්නේ යම් පුද්ගලයෙක් තුළ පෙනෙන්නට තිබෙන ආකර්ෂණය දනවන ඇතැම් ගති ලක්ෂණ නිසා උදාහරණ ලෙස.

දපෙනුම 

දකටහඬ

දවචන හසුරුවන ආකාරය

දහැසිරීම, සොයා බැලීම්

දආරක්ෂාව

දඅවධානය ලබාදීම

දහැකියාවන්

දජනප්‍රියතාවය 

ඉහත ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් නිසා මේ ආකර්ෂණය ඇති වෙන්න පුළුවන්. ඉන්පසුව ඔහුගේ ඇයගේ අනෙක් ගතිගුණ හෝ ශරීර ලක්ෂණ සුවිශේෂී කර ගනිමින් ඉදිරියට ගමන් කරනවා. ඒ කියන්නේ තමන් කැමැති කෙනාගේ සියලුම දේවල්වලට ආකර්ෂණය වීමක් ක්‍රමානුකූලව සිදුවෙනවා.

ඒ කෙනා වෙනුවෙන් කැප වෙන්නේ ඇයි?

අපි තමන්ට මානසික තෘප්තියක් ගෙන දෙන දේවල් වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකරන්න පෙළඹෙනවා. ඇතැම් විට එතැන ඇති දෙයක් නැහැ කියලා දැන දැනත් එතැන වෙනුවෙන් කැප කිරීම් කරන අය සිටිනවා. ඇබ්බැහිවීමක් සිදු වුණාට පසුව අපි ආදරය කරන කෙනාගේ කෙතරම් අඩුපාඩු දුටුවත්, තේරුමක් නැහැ කියලා දැන දැනත් එතැනින් ඉවත් වෙන්න බැහැ. සිත දිගින් දිගට ආකර්ෂණය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මොකද මනස සහ ශරීරය ඒ පුද්ගලයාගේ Unique Feelings   මතින් යැපෙන විධියට හැඩ ගැසීම නිසායි.  මෙය හරියටම කිවහොත් මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක්ට සිදුවන සිද්ධාන්තය හා සමානයි.

Breakup  එකකදී සිදුවන්නේ කුමක්ද? එය වේදනාවක් ලෙස දැනෙන්නේ ඇයි?

ආශාව හෝ ආදරය නිසා සිදුවන             ඇබ්බැහිවීමේ ක්‍රියාවලිය නොකඩවා සිදුවෙන විට ඒ පිළිබඳව නොකඩවා සිත යොමු කිරීමෙන් මනස තුළ ඊට අදාළ හැඟීම් සහ තොරතුරු ගබඩා කර ගන්නවා. මේ ක්‍රියාවලිය සමඟ අපේ ජීවිතය ඊට හුරුවෙනවා. මේ අතරතුර එක්වරම කුමක් හෝ හේතුවක් නිසා ඒ පුද්ගලයා තමන්ගෙන් අෑත් වෙන බවට මොළයට පණිවුඩයක් යනවා. එවිට ඔබේ මොළය නැවත ඔබට පණිවුඩයක් දෙනවා ඒ පුද්ගලයා නොමැතිව ඔබට ජීවත් වෙන්න බැහැ කියලා. මොකද මේ වන විටත් මොළයේ සම්පූර්ණ රසායනික ක්‍රියාවලියට මේ තත්ත්වය බලපා අවසන් නිසා.  ආදරය කළ පුද්ගලයා ඔබෙන් අෑත් වූ විගසින්ම මොළයේ මේ ක්‍රියාවලිය නතර කරලා ඔබව කලින් සිටි පුද්ගලයා බවට එකවර පත්කරන්න අපහසුයි. සරලවම ඔයා ඒ ආදරය කළ කෙනා මතින් යැපෙන සැලැස්මකට හුරුවෙලා අවසන්. මෙවැනි අවස්ථාවකදී ඔයාව සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන් විකල්ප ක්‍රම 2ක් මනසට තිබෙනවා.

1.නැවත එම පුද්ගලයා ඔයාගේ ජීවිතයට එකතු වෙන එක. එනම් පෙර සිදු වූ ක්‍රියාවලිය දිගටම කරගෙන යන එක.

2. එම පුද්ගලයා මත යැපෙන ඇබ්බැහි වූ මානසිකත්වයෙන් සම්පූර්ණයෙන්ම ඔයාව නිදහස් කර ගන්න එක. (වෙනම සැලැස්මකට මනස හුරු කිරීම)

මෙවැනි අවස්ථාවකදී සිදුකරන්න පුළුවන් පහසුම දේ තමයි ඔයාව නැවත ඒ පුද්ගලයාට ඉක්මනින්ම ළං කරන එක. මොකද දෙවැනි විකල්පය සිදු කරන්න යම් කාලයක් ගත වෙනවා.  ඒ සඳහා නිසි මානසික පුහුණුවක් අවශ්‍ය වෙනවා. මේ හේතුව නිසා මොළය නිතරම ඔයාව පීඩාවට පත් කරනවා. නැවැත ඒ කෙනාව ළං කර ගන්න කියලා.  සරලවම ඇබ්බැහිවීමක් විධියට අපි දකින්නේ මේ දේ තමයි.

මෙවැනි අවස්ථාවකදී ඒ පුද්ගලයා ගැන තිබෙන මතකයන්, ඔහුගේ හෝ ඇයගේ පෙනුම, කතා විලාසය, ගතිගුණ ආදී සියලු දේවල් ඔයාගේ මතකයට එන සම්භාවිතාව පෙරට වඩා අධික ලෙස වැඩි වෙනවා. ඔයා දකින සහ ඔයාට ඇසෙන ඇතැම් දේවල් එම පුද්ගලයාට අදාළ කරන්න මනස උත්සාහ ගන්නවා. මෙන්න මේ දේ තමයි Breakup  එකකදී දැනෙන වේදනාව. මේ ක්‍රියාවලිය කෙතරම් දරුණුද කිවහොත් 

දආහාර අවශ්‍ය නොවීම 

දනින්ද අවශ්‍ය නොවීම

දරෑ මැද ඇහැරීම

දනින්දෙන් අවදිවන විට තිබෙන          නීරස අප්‍රසන්න හැඟීම

දපවුලේ අය සමඟ අනවශ්‍ය අධික   

   කේන්තියක් ඇතිවීම

දකලින් තමන් ආස කළ ආදරය කළ   

  දේවල් නීරස වීම  

දජීවිතය ගැන අප්‍රියතාවක් ඇතිවීම.

Serious Breakup  එකකදී මෙය ජීවිත හානියක් සිදුවිය හැකි තැනටම පත්වෙන්න පුළුවන්. සරලව කිවහොත් විෂාදය හෝ විෂාදයට ආසන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී සිතෙහි සිදුවන ක්‍රියාවලියට (Circulation)  හසුවීමයි සිදුවන්නේ. 

මේ තත්ත්වයෙන් ගැලවීමට තිබෙන එකම මාර්ගය වෙන්නේ එම පුද්ගලයාව නැවත ළං කරගන්න එක හෝ වෙනයම් හානිකර දෙයක් තමන්ට හෝ අනුනට සිද්ධ කරන්න උත්සාහ කරනවා. ඇතැම් විට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් උත්සාහ කරනවා. මෙය එකිනෙකාට බලපාන විධිය වෙනස්.

Break up  එකකින් පසුව

1.කරපු කැපකිරීම් හෝ තමන්ගේ සාධාරණත්වය නිසා ඇතිවෙන තරහා, බැනවැදීම් අන් අය සමඟ මේ පිළිබඳ කතා බහ.

2. දුක,  සමාව අයැදීම, දිගු කෙටි පණිවුඩ හා ඇමතුම්

3. නොනිදා නිරාහාරව සිටීම.

4. සුළු හෝ විශාල වශයෙන් තමන්ගෙන් පළිගැනීමට තැත් කිරීම   ආදිය සිදුවෙනවා.

ඉතින් කෙනෙක්ට දැන් කල්පනා කරන්න පුළුවන් එයා දැන් සිටින්නේ මොන Step    එකේද කියලා.  ඔබ මොන Step    එකේ සිටියත් ඔයා ආදරය කරපු කෙනා මේ ලෝකයේ සිටින හොඳම කෙනා, ලස්සනම කෙනා වුවත් ඔයාට සියයට සියයක් සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්.  ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ මතකවලින් කිසිදු බලපෑමක් නොවෙන තරමට මනස වෙනස් කරන්න පුළුවන්.

මේ සඳහා මුලින්ම කරන්න අවශ්‍ය වන්නේ තමන්ගේ මනස තුළ සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමයි. ඉන්පසු  එම බැඳීමේ  යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. ඒ කිසිම දෙයක් නොදැන Method එකක් Follow  කරන්න බැහැ. කිසිම දෙයක් නොදැන  No Contact Followකරලා වැඩක් නැහැ.  මේ සියල්ල තේරුම් ගෙන තමන්ගේ සබඳතාවට හරි අවසානයක් නොදී මේ කිසිම දෙයක් සිදුකර තේරුමක් නැහැ.  අවසානය කියලා කිව්වේ තමන් හරියට එම සම්බන්ධයෙන් කායිකව ඉවත් වීමයි. එවිට මානසිකව ඉවත් වෙන්න අවශ්‍ය මූලික අත්තිවාරම එතැනින් ගොඩනඟා ගන්න පුළුවන්.එයත් සමඟම No Contact Follow කළ විට නිසැකවම එතැනින් මානසිකව ඉවත් වෙන්න පුළුවන්. එම මූලික අවබෝධය ලබාදීම තමයි මෙම ලිපියේ අරමුණ.

Relationship   / Breakup  ගැන සියල්ල ඔබට මේ ලිපි මඟින් සතිපතා ලබා ගන්න  පුළුවන්. එමඟින් තමන්ටම ආවේණික සැලැස්මක් සාදාගෙන ඒ මානසිකත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්.

උපදේශනයේදී ඒ අදාළ අයගේ කතාවට අනුව උපදේශනයන් සිදු කරනවා වගේම බැඳීම් හා වෙන්වීම් සම්බන්ධව ඕනෑම කෙනෙක්ට පොදුවේ භාවිත කරන්න පුළුවන් උපදේශනයන් හා සමාන දේවල් (මනෝවිද්‍යාත්මක කරුණු) ඉතාම සරලව මෙම ලිපිවල අන්තර්ගත වෙනවා. ඊළඟ ලිපියෙන් හමුවෙමු.