උසාවිය මඟහැර වරෙන්තු 12ක් ඇති සැකකරු අල්ලයි

0
17


ගාල්ල – ෆර්හාන් නිසාම්දීන්, 

අහන්ගම – එස්. දීයගහගේ

විවෘත වරෙන්තු 12ක් තිබූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පියදිගම පදිංචි 30 හැවිරිදි සැකකරුවෙකි.

මත් ද්‍රව්‍ය  සහ නීති විරෝධී මත්වතුර ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එම නඩුවලට ඉදිරිපත් නොවී මඟහැර සිටීම නිසා වරෙන්තු 12ක් නිකුත් කර තිබිණි.

සැකකරු ගිංතොට ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටින බවට ලැබුණ තොරතුරක් අනුව ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් තරංග, සැරයන්වරුන් වන කුලවංශ (14446), මදනායක (14353), කොස්තාපල් ගුරුසිංහ (67482),  චතුරංග (83356), කාන්තා සැරයන් ශ්‍රියානි (1258) යන මහත්ම මහත්මින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.