ඉන්දීය විදේශ ඇමැති මෙරටට එයි

0
32


එම්.එස්. ෆාරුක් 

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජෙයිසන්කර් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (27දා) මෙරටට 

පැමිණියේය.   

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති ජී.එල්.පීරිස් යන මහත්වරුන් ඇතුළු රජයේ ප්‍රධානීන් කිහිපදෙනකු හමුවීමට නියමිතය.

කොළඹදී ආරම්භ වන බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුවටද ඉන්දීය විදේශ ඇමැතිවරයා සහභාගි වනු ඇතැයිද වාර්තා වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිසන්කර් මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් පැවැත්වීමටද නියමිත බව එම සන්ධානය සඳහන් කරයි.

ඒ අනුව මෙම හමුව අද දහවල් සිදුවනු ඇතැයිද එම පක්ෂය කියයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ එම හමුවට පක්ෂයේ සාමාජික පක්ෂවල නියෝජිතයන්ද සහභාගිවීමට නියමිත බවයි.