වවුනියාව – රසාදි චතුරංගි ගමගේ
උතුරේ සිට ඉන්දියාවට බෝට්ටු ආධාරයෙන් පලා යන පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව 26දා සිට උතුරු මුහුදු කලාපයේ ආරක්ෂාව දැඩි කොට තිබේ.
නාවික හමුදාවේ යාත්රා මන්නාරම බොක්කේ සිට නාවික සැතපුම් 7ක් දක්වා ගමන් කරමින් ඉන්දියාවට ගමන් කරන බෝට්ටු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
ඉන්දීය නාවික හමුදාවද ඉන්දියාවට පැමිණෙන බෝට්ටු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත. යම් හෙයකින් ඉන්දීය නාවික හමුදාව ශ්රී ලංකාවේ සිට පැමිණෙන අනවසර බෝට්ටුවක් අත්අඩංගුවට ගත හොත් එහි සිටින වැසියන් ඉන්දීය පොලිසිය මඟින් ප්රශ්න කොට ඔවුන් මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යැවීමට කටයුතු යොදා තිබේ.