ඉණිමගින් නිවෙසට බැස දේපළ ඉස්සූ කුඩ්ඩෝ කොටු

0
16

ගාල්ල _ කමල් විජේහේවා

පිටිගල පොලිස් බල ප්‍රදේශයට අයත් වත්තහේන, ජනසවි මාවතේ පිහිටි නිවෙසකට ඇතුළු වී නිවෙසේ තිබූ රුපවාහිනි යන්ත්‍ර 02ක් හා වාහන සේදීමේ යන්ත්‍රයක් සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනකු පෙරේදා (26දා) අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  මත්කුඩු පානය කිරීම සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටි විවාහකයන් දෙදෙනෙකි. මැවුහු ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හා 28 හැවිරිදිවියේ පසුවන අයවෙති. සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වසා තිබූ මෙම නිවෙස දැක තිබේ. එම අවස්ථාවේ නිවැසියන්  මළගෙදරක ගොස් තිබී ඇති අතර  මොවුන් දෙදෙනා  ඉණිමගක් තබා වහලයට නැඟ නිවෙසට  ඇතුළු වී භාණ්ඩ සොරකම් කොට ඇති  බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

  පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක 

මහේෂ් කරුණාරත්න  මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන්   දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.