ආණ්ඩුව පන්නා දමන්නැයි ජනතාව දෙවියන්ගෙන් ඉල්ලති

0
68


රාජාංගණය – කේ.එම්. චන්දික

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම  දරා ගැනීමට නොහැකිව ඊට විරෝධය පළ කරමින් පොල්ගසා දේවකන්නලව්වක් පැවැත්විණි.

තලාව, නව හඟුරන්කෙත ගණදෙවි කොවිලේදී දේව කන්නලව්ව පැවැත්විණි.

සමගි ජන බලවේගයේ කලාවැව සංවිධායක උතුරුමැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක මහතා මෙය සංවිධානය කර තිබිණි.

පාලකයන් සුරසැප විඳිමින් අහිංසක ජනතාව පිට බර පටවන ආණ්ඩුව වහා පන්නා දැමීමට කටයුතු කරන්නැයි සංවිධායකයෝ දෙවියන්ගෙන් ඇයැද  සිටියහ.