අස්සන හොරට යොදා ඔප්පුවක් හැදූ කත වසරක් හිරේට

0
23


ගාල්ල – ෆර්හාන් නිසාම්දීන්

තමන්ට අයිති නැති ඉඩමක් සඳහා ව්‍යාජ ඉඩම් ඔප්පුවක් සැකසීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාරියකට වසරක සිර දඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් නියම කළ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සිරදඬුවම වසර දහයකට අත් හිටුවනු ලැබීය.

තමන්ට අයිති නැති දේපළක් සඳහා කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර මුල් අවස්ථාවේම ඇය වරද පිළිගෙන ඇති හෙයින් මහෙස්ත්‍රාත්වරයා මෙසේ දඬුවම් නියම කළේය. පැමිණිල්ල ලැබීමෛන් පසු පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තමාට ඉඩම විකුණ­ූ බවට මියගිය පුද්ගලයෙකුගේ අස්සන ව්‍යාජ ලෙස යොදා ඔප්පුවක් සකස් කර ඇති බවය.

ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා මහතාගේ උපදෙස් පරිදි සැරයන් ප්‍රේමකුමාර (28968) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.