අඹගස්වැව වගා ළිඳකට වැටුණු තුන්පත් රෑනක් ගොඩ ගනී

Date:

කැකිරාව – ප්‍රදීප් රණසිංහ

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගස්වැව, ඔයපහළ වෙල්යායක තිබූ අනාරක්ෂිත වගා ළිඳකට තුන්පත් රෑනක් ඇද වැටී තිබේ. ගම්වාසීන් සහ ගල්කිරියාගම වනජීවී නිලධාරීන්, ගල්කිරියාගම පොලිස් නිලධාරීන් එක්ව ළිඳට වැටුණු තුන්පත් රෑන ගොඩගෙන කහල්ල පල්ලෙකැලේ අභයභූමියට පලවා හැරිණි. 

මේ දිනවල පවතින අධික ආහාර සහ ජලය හිඟකම නිසා වන අලින් නිරන්තර කෑම සොයමින් ගම්වදිමින් සිටී. කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ සිට කෑම සොයා අඹගස්වැව ඔය පහළ ප්‍රදේශයට ගම්වැදුණු වන අලි රංචුවකගෙන් තුන්පත් රෑනක් වෙල්යාය මැද තිබූ අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටී තිබේ. පසුදින වගා ළිඳකට වැටී සිටි තුන්පත් රෑන දුටු ගම්වාසීන් ගල්කිරියාගම වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබේ.

ගල්කිරියාගම වනජීවී නිලධාරීන්, ගල්කිරියාගම පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන්ද එක්ව තුන්පත් රෑන බේරා ‍ගැනීම සඳහා ජේ.සී.බී. යන්ත්‍රයක් ආධාරයෙන් ළිඳේ එක් පසෙකින් ගොඩට ඒමට හැකිවන අයුරින් හාරා මාර්ගය සාදාදී ඇත.

පැමිණ සිටි සියල්ලන්ටම දරු සෙනෙහස කාටත් පොදු බව අඟවමින් ළිඳට වැටුණු ඇතින්න පෙන්වා දුන්නේ සැමගේම නෙතට ක¾දුළක් එක්කරමිනි. මුලින්ම මහත් පරිශ්‍රමයක් දරා ගොඩට පැමිණි ඇතින්න නැවත ආපසු හැරී වළට පැමිණ තම ඉදිරි අත සහ හොඬය ආධාර කරගෙන මාස හය හතක් පමණ වන පැටියා ගොඩගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය. තම උත්සාහය අත්නොහළ ඇතින්න හෝරා දෙකක පමණ කාලයක් වෙහෙස වී කුඩා පැටවා ගොඩට ගෙන තිබිණි.

ගොඩට ආ තුන්පත් රෑන නැවත අභයභූමියට පලවා හැරීම සඳහා එකදු අලි වෙඩිල්ලක්වත් වනජීවී නිලධාරීන් දැමීමට කටයුතු නොකළේ තිරිසන් සතාගේ වුවද මවු සෙනෙහසෙහි ඇති වැදගත්කම නිලධාරීන්ටද මේ ඇතින්න නෙත්වලට ක¾දුළු ගන්වමින් පසක් කළ නිසාය. 

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

ලයිට් කැපූ වේලේ දුරකථන ඇමැතුමක් ගන්න ගිය සිසුවා ඇද වැටී මරුට

උෟරුබොක්ක - අතාවුද පතිරණ  බෙරලපනාතර පුහුල්හේනකන්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි...

මැදවච්චියේ සිගරැට්ටුවක් රු. 100යි

මැදවච්චිය - ගයාන්  මැදවව්චිය නගරයේ වෙළෙඳසල්වල දුම්වැටි මිලත් රජයෙන් ඉහළ...

සොරාගත් ලක්ෂ 50ක ඔරලෝසුව 5000කට විකුණන්න ගිය තරුණයන් දෙදෙනා රිමාන්ඩ්

අමිල අබේරත්න  කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඇතුළු වී ලක්ෂ...

විදුලිය කැපීමෙන් රාජකාරීවලට බාධා

ලුණුවිල - රෝස් කොලින් වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් විශාල ජනතාවකට...