අගෝස්තුවල ගන්න වෙන්නේ හාල් සැෂේ පැකට්

0
27


මනම්පිටිය – නිමල් ජයරත්න  

 සැෂේ පැකට් බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති  මුදිත් පෙරේරා මහතා පැවසීය. රටේ පවුල් ලක්ෂ 5කට වඩා පිරිසක් දිනකට සහල් කිලෝවක් හෝ මිලට ගැනීමට රුපියල් දෙසීයක් වැය කිරීමට නොහැකිව විකල්ප ආහාර ලෙස ගස්ලබු, කටු අල, පිටි ආහාර ඇතුළු ඉතා අඩුවට ලබාගත හැකි ආහාර ගනිමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

 එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙ‍රේරා මහතා ඒ බව සඳහන් කළේ 27 වැනිදා  පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

 රජය සතුව වී මෙටි්‍රක් ටොන් 75,000ක ප්‍රමාණයක් පවතින බවත් එය සහල් කළවිට හාල් මෙටි්‍රක් ටොන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකි බවත්, එම සහල් රටේ අඩු ආදායම් පවුල් ලක්ෂ 5 වෙනුවෙන් මසකට සහල් කිලෝ 30 බැගින් සහනාධාරයක් ලෙස දිවයින පුරා ඇති සමුපකාර සමිති මඟින් බෙදා හරින ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. 

මුදිත් පෙරේරා මහතා වැඩිදුරටත් මෙලෙස සඳහන් කළේය.

රජය රසායනික පොහොර තහනම් කළේ වකුගඩු රෝග ආදී බෝනොවන රෝග එම රසායනික පොහොර නිසා ඇතිවන බව ප්‍රකාශ කරමින්. ඒ හින්දා මහ කන්නයේ 50%කින් අස්වැන්න අඩු වුණා. දැන් ඒ අඩුව වහන්න ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ණයට හා පිනට ලබා ගනිමින් සිටිනවා. ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා 25%ක් රසායනික පොහොර භාවිත කරන රටක්. චීනය කියන්නේ ලංකාවට වඩා සීයට 200ක් රසායනික පොහොර භාවිත කරන රටක්. ආණ්ඩුවේ කාබනික උන්මාදයෙන් පෙළෙන ඇමැතිවරුන්ගෙන් මම අහනවා ඉන්දියාවේ හෝ චීනයේ රසායනික පොහොර යෙදූ සහල් පරිභෝජනය කළහම එම රසායනික ද්‍රව්‍ය වකුගඩු දෙකට අවශෝෂණය නොවෙන්න විශේෂ යමක් තියෙනවද කියලා. 

පසුගිය මාස 4ට හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ලංකාවට මේ ආණ්ඩුව ආනයනය කරලා තියෙනවා. බදු රහිතව ආනයනය කරපු මේ සහල් වරායෙන් එළියට එද්දි පිරිවැය වුණේ රුපියල් 100ට වඩා අඩු අගයක්. හැබැයි අද ඒ හාල් දේශීය සහල් විදිහට රුපියල් 175ට 180ට ජාවාරම්කාරයෝ පිරිසක් පාරිභෝගික ජනතාවට විකුණුමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමැතිවරු මේක නොදැක්ක විදියට ඉන්නවා.  ඒ වගේම මේ ජාවාරම්කාරයෝ වී අලෙවි මණ්ඩලයේ පවතින දේශීය වී තොග ඉන්දියානු සහල්වලට හුවමාරු කිරීමට සූදානම් වී සිටිනවා. මෙම ජාවාරම් මැඬ පැවැත්වීමට උපරිම බලය භාවිත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. 2019 අවුරුද්දේදී හතර දෙනකු ඉන්න පවුලකට සහල් සඳහා වසරකට වියදම් වුණේ රුපියල්  තිස් දෙදාහක අගයක්. මේ වෙද්දී ඒක රුපියල් අසූදාහ දක්වා ඉහළ ගිහිල්ලා. යල කන්නය අසාර්ථක වෙලා සහල් කිලෝව රුපියල් 300ට වැඩි වුණොත් මේ වියදම රුපියල් එක් ලක්ෂ විසිදහස දක්වා වැඩි වෙනවා. එහෙම වුණොත් පාරිභෝගිකයන්ට බත් කන්න වෙන්නේ නැහැ. හුණ්ඩුවේ සෑෂේ පැකට් අරගෙන කැඳ තමයි බොන්ඩ වෙන්නේ. 

ජනවාරි මුල් සතියේදී අපි කිව්වා අප්‍රේල් මාසය වෙද්දී හාල් වෙළෙඳපොළ කොතැනද තියෙන්නෙ කියලා. අපේ පුවත්පත් වාර්තා අරන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා නිකන් මාධ්‍ය සාකච්ඡා තිබ්බා විතරයි.   පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න කිසිදු  ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. අද සතොසේ  රුපියල් 105ට තියෙන්නේ හාල් බෝඩ් එක විතරයි. හාල් නෑ. පෙරදිග ධාන්‍යාගාරය පෙරදිග වඩේ පරාටාගාරය බවට අද පත්වෙලා. ඇමැතිවරු උඩ පැන්නා චීනයෙන් සහල් මෙටි්‍රක් ටොන් මිලියනයක් ලැබෙනවා කියලා. හැබැයි දීලා තියෙන්නේ සහල් ටොන් දෙදාහක්. ඒක ලංකාවට එක වේලක්ටත් මදි. ලංකාවේ ජනතාවට දිනකට සහල් මෙටි්‍රක් ටොන්  හයදාස් පන්සීයක් ඕනේ. එතකොට දීලා තියෙන ප්‍රමාණය එක වේලකටත් මදියැයිද පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.