මරණින් පසු යන තැන සොයාගත හැකි ජේ‍යාතිෂ විද්‍යාව

0
53


ලොව සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. අනිත්‍යය. එබැවින් මෙලොව උපන් අයටද මරණය නියතය. මෙලොව උපන් බොහෝ අය තමන්ගේ ලෞකික දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් නොයෙක් අයුරින් ජේ‍යාතිෂ්‍ය ශාස්ත්‍රය උපයෝගි කර ගනියි. ජේ‍යාතිෂ්‍ය ශාස්ත්‍රය තුළ මනුෂ්‍යයාගේ ආයුෂ, මාරක කාලසීමා, මරණය සිදුවන ආකාරය, මරණය සිදුවන කාලය මෙන්ම මෘතශරීරය භූමදානය කරනවාද, දවනවාද ආදී වශයෙන් මෙන්ම අවමංගල්‍ය කටයුතුවලට බොහෝ පිරිසක් සහභාගි වෙයිද?, එදින කාලගුණය කෙසේ වනු ඇත්ද? ආදී වශයෙන් බොහෝ තොරතුරු හෙළි කරගන්නා ක්‍රම ජේ‍යාතිෂ්‍ය ශාස්ත්‍රයේ පෙන්වා දී ඇති බව දන්නේ සීමිත පිරිසකි.

එසේම බොහෝදෙනා නොදැන සිටියද යම් කෙනකු මියගිය විට ඔහුගේ මතු ආත්මභාවය පිළිබඳ තොරතුරු දැනගත හැකි ක්‍රමද ඉපැරැණි ජේ‍යාතිෂ්‍ය ග්‍රන්ථවල සඳහන්ව තිබේ. නක්ෂත්‍ර සංඥා මඟින් එසේ මියගිය ඥාතීන්ගේ, හිතමිත්‍රයාගේ, අසල්වැසියාගේ මතු ආත්මභාවය සුගතිගාමී වූවේද දුගතිගාමී වූවේද යැයි දැනුවත් වීම සුජීවත්ව සිටින අයට යහපතක්ම වන්නේය. නක්ෂත්‍ර සංඥා අනුව තම ඥාතියාගේ, හිතවතාගේ, මිතුරාගේ මරණය සිදුවූ වේලාව, එම මොහොතේ පැවැති ලග්නය, නැකැත, දිනය, හෝරාව ආදිය උපයෝගී කරගනිමින් මියගිය අයගේ මතු ආත්මභාවය පිළිබඳව පුරාණචාර්යවරුන් පවසා ඇත්තේ පහත සඳහන් පරිදිය.

ව්‍යාවස්ථානං ගතේ ජීවේ – සුබ ග්‍රහ නිරීක්ෂකේ

තදීසේ සුබ රාශිස්තේ – සුබාක්ෂා මෝක්ෂභාක් භවෙත්

ඉහත ශ්ලෝකයට අනුව මරණය සිදුවූ වේලාවට සකසාගත් කේන්දරයෙහි ගුරු ග්‍රහයා 12 වැනි රාශියේ රාශිගත වේද, එම ස්ථානය සුබ ග්‍රහයන්ගේ පූර්ණ දෘෂ්ටියට ලක්වේද සුබ රාශියක් වේද, එම  මොහොතේ මියගිය පුද්ගලයා සුගතිගාමී වෙයි.

ව්‍යවස්ථානං ගතේ රාහු

භෞමාර්ක රවි සංයුතේ

තදී සේ නීච සංයුතේ

නරකේ නීච සීස්‍යාති

ආදී වශයෙන් පවසා ඇත්තේ යම් කෙනකු මරණයට පත් මොහොත අනුව සාදාගත් කේන්දරයේ රාහු ‍ෙදාළොස් වැනි භාවයේ රාශිගතව සිටින අතර ‍ෙදාළහාඅධිපති ග්‍රහයා කුජ, ශනි, රවි ආදී පාප ග්‍රහයන් සමඟ වේද නීච ස්ථානගත වේද එවන් අය අගතිගාමී වන බවය.

එසේම තවත් පහසු ක්‍රමයකටද මියගිය අයගේ පුනරුත්පත්තිය සෙවිය හැකි ක්‍රමයක් ජේ‍යාතිෂ්‍ය ග්‍රන්ථවල සඳහන්ව ඇත. එහිදී යම් අයෙක් මියගිය දින පැවැති නැකැතට අදාළ සංඛ්‍යාව, එදිනට පැවැති තිථියට අදාළ සංඛ්‍යාව, එසේම දිනයට අදාළ සංඛ්‍යාව සහ සප්තකූට පර්වතවලට අදාළ 7 සංඛ්‍යාවද සතර මහාද්වීපවලට අදාළ 4 සංඛ්‍යාවද, මහා පෘථිවියට හිමි එක සංඛ්‍යාවද එකතු කර තුනෙන් බෙදිය යුතුය. එහිදී ඉතිරි සංඛ්‍යාව 1 නම් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබයි. ඉතිරිය දෙක නම් නරකාදිය ඉතිරිය බින්දුව නම් මනුෂ්‍ය ලෝකයේ පුනරුත්පත්තිය ලබයි.

මේ අනුව 2020.04.16 දින සවස 4.02ට මියගිය  අයකුගේ පුනරුත්පත්තිය සොයමු.

2020.04.16 දින නැකැත = සුවන (22) =  22

තිථිය = නවවක = 09

දිනය = බ්‍රහස්පතින්දා = 05

සප්තකූට පර්වත = 07

සතර මහාද්වීප  = 04

මහාපෘථිවිය = 01

48 ¤ 03

= 16

ඉතිරි = 0

මේ අනුව 2020.04..16 දින ප.ව. 4.02ට මියගිය තැනැත්තා මනුෂ්‍ය ලෝකය තුළ උපදින බව පෙන්නුම් කරයි.

පැරැන්නන් තම පවුලේ කිසිවකු හෝ මියගිය විට ජේ‍යාතිෂ්‍ය ශාස්ත්‍රඥයකු ළඟට ගොස් උපදෙස් ගැනීම සිරිතක් වශයෙන් පැවැතිනි. ඒ ත්‍රී පුෂ්කර යෝගයකින් යම් කෙනකු මියගිය විට තම ඥාති හිතමිත්‍රාදීන් තිදෙනකුට මරණය හිමිවිය හැකි නිසාය. ද්වී පුෂ්කර යෝගයකින් මියගියහොත් ඥාතීන් දෙදෙනකුට ආසන්න දිනකදී මරණය හිමිවන බව විශ්වාස කළේය. කාලයක් කිසිදු මරණයක් සිදුනොවී තිබී එක් මරණයක් සිදුවීමෙන් පසු එක දිගට මරණ තුන හතරක් අප ගම්මාන තුළද සිදුවන ආකාරය අපද නිතර අත්දැක ඇත්තෙමු. එබැවින් ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනවල දියවක, සතවක, ‍ෙදාළොස්වක යන තිථි යෙදී ඇතිවිටදී කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප නැකැත්ද යෙදී ඇති විට මිය යන අය පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් අවධානයෙන් පසුවිය යුත්තේ එවන් දිනවල ත්‍රීපුෂ්කර යෝග යෙදී ඇති බැවින්ය.

 ගුප්ත විද්‍යාවේදී, 

ජේ‍යාතිෂ ශිරෝමනී  

සී. සමන්සිරි

බදුල්ල.

0722-620006