පව්-පින් නොහඳුනනවුන්ගේ බලපෑමෙන් අහිංසක ජනතාව පීඩනයට

0
57


සමස්තයක් වශයෙන් බලනවිට ග්‍රහ මණ්ඩලයේ සිටින ග්‍රහයන් රාශි දොළහකින් සමන්විත රාශි චක්‍රය තුළ ගෝචරවීම සිදුවේ. මෙලෙසින් සිදුවන ග්‍රහ ගෝචරයන් පිළිබඳ විමසීම පුරාණ ආචාර්යවරුන් හ¾දුන්වාදී ඇති ජේ‍යාතිෂ සිද්ධාන්තයන්ට අනුකූලව විග්‍රහ කිරීමෙන් එම ග්‍රහ ගෝචරයන්හි බලපෑම හොඳින් අවබෝධ කර ගැනීමට හැකිවේ. පංච මහා භූතයන්ගෙන් නිර්මාණය වූ සෑම සත්ත්වයකු කෙරෙහිම සියලුම ග්‍රහයන්ගේ ගෝචර ගමන් බල පවත්වයි. මෙයින් වැඩි බලපෑමක් රවි, ස¾දු, කුජ, බුධ, ගුරු, සිකුරු සහ ශනි යන ග්‍රහයන්ගෙන් සිදුවේ. ඒ හා සමාන බලපෑමක් ඡායා ග්‍රහයන් ලෙස හ¾දුන්වන රාහු සහ කේතු ග්‍රහයන් දෙදෙනාගෙන් සිදුවන බව සිද්ධාන්තමය කරුණකි. 

2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් දොළොස් වැනි දින දක්වා වෘෂභ රාශියේ ගෝචර වූ රාහු ග්‍රහයාත්, වෘශ්චික රාශියේ ගෝචර වූ කේතු ග්‍රහයාත් වසර එකහමාරකට අධික කාලසීමාවක් මෙම රාශි තුළ උච්ච බලයෙන් ගමන් කළේය. 

2022 වසරේ අප්‍රේල් දොළොස් වැනි දින රාහු ග්‍රහයා තම සතුරු රාශිය වූ මේෂ රාශියේ ගෝචර වන අතර, කේතු ග්‍රහයා තුලා රාශියේ ගෝචරවේ. රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනාම මෙසේ ගමන් කරනුයේ නෘත්‍යලිප්සා අවස්ථාවේ වීම විශේෂ අවධානය යොමුකළ යුතු කරුණකි. රාහු ග්‍රහයා මෙම අවස්ථාවේ ගමන් කිරීමේදී විරුද්ධ බලවේගයන් ප්‍රබල වීමත්, මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් පිරිහීමට පත්වීම නිසා අපරාධ කෙරෙහි යොමුවිමේ පරිසරයක් නිර්මාණයවේ. එමෙන්ම කේතු ග්‍රහයා නෘත්‍යලිප්සා අවස්ථාවේ සිටීමෙන් වංචා, දූෂණ, හොරකම් සහ මංකොල්ලකෑම් වැඩිවීම මෙන්ම නීති විරෝධී මාර්ගවලින් මුදල් ඉපයීමට මිනිසා යොමුවේ. මත්පැන්, මත්ද්‍රව්‍ය රටපුරා බහුල වීමටත්, නොපෙනෙන මාර්ගවලින් මුදල් ඉපයීමට පෙලඹීම මත පව් පින් නොහ¾දුනන, මනුෂ්‍යත්වය පිටුදකින පිරිස්වල බලපෑම අහිංසක ජනතාව පීඩනයට පත් කිරීමට හේතුවේ.

මෙවැනි තත්ත්වයක් නිර්මාණය වනුයේ බුද්ධියෙන් තොරවූ මනස දූෂිත කිරීමේ ශක්තියක් රාහු ග්‍රහයා තුළ පවතින හෙයිනි. භෞතික සම්පත් ඒකරාශි කිරීමටත්, පාපකාරී ක්‍රියාවන් කෙරෙහි පොලඹවමින් ලෞකික සැප සම්පත් කෙරෙහි ආශා ඉපිදවීමටත් යොමුකිරීමේ නෛසර්ගික ගුණය රාහු ග්‍රහයා තුළ පවතී.  හොඳින් හෝ නරකින් ජනප්‍රිය වීමට යොමුකරවන රාහුගේ ස්වභාවය නිසා දේශපාලනයේ නිරත වන අයට රාහු බල පවත්වයි. එනිසා රාහු ග්‍රහයාගේ බලපෑම තුළින් වැරැදි කිරීමට මොවුන් නිතැතින්ම පෙලඹේ. 

කේතු ග්‍රහයා තුළ පවතින්නේ ගුප්තමය ස්වභාවයකි. භූත බලපෑම් කෙරෙහි බල පවත්වන කේතුගෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය නියෝජනය වීම නිසාත්, ලේ දූෂ්‍ය වීමෙන් සෑදෙන රෝග නිවේදනය කිරීමත් තුළ මෙවර සිදුවන රාහු කේතු මාරුවෙන් කේතු ග්‍රහයා සතුරු රාශියක් වූ තුලාවේ ගෝචර වී නෘත්‍යලිප්සා අවස්ථාවේ සිටීම අයහපත් වේ. මේ අයුරින් සිදුවන රාහු කේතු මාරුව ලංකා කේන්ද්‍රයට අනුව පරීක්ෂා කිරීමේදී එහි තුන්වැනි භාවයේ මේෂ රාශියේ රවිගේ නැකැතක් වූ කැති නැකැතෙහි රාහුගේ ගෝචරය සිදුවේ. තුන්වැනි භාවයෙන් ගමනාගමනය, භාණ්ඩ ප්‍රවාහනය, පොත්පත්, ලිපිද්‍රව්‍ය, සාහිත්‍ය කටයුතු මෙන්ම තැපැල්, විදුලි පණිවුඩ සහ තාක්ෂණ ශිල්පය නිවේදනය කරයි.

මෙම අවස්ථාවේ තුන්වැනි භාවයෙහි බුධ ග්‍රහයා මෙන්ම යුරේනස් ග්‍රහයාද රාහු සමඟ යෝගවී සිටී. බුද්ධිමතුන්, ශාස්තී්‍රය කටයුතු සහ අධ්‍යාපනය නියෝජනය කරන බුධ රාහුගෙන් පීඩාවට පත්වීමත් නිසා සමස්තයක් වශයෙන් බලනවිට මෙම රාහු කේතු මාරුව ලංකා කේන්දරයට අනුව ශුභඵල උදා කිරීමට හේතු නොවේ. තේජෝ ගුණයෙන් යුක්ත රවි ග්‍රහයාට අයත් කැති නැකැතේ රාහු ගමන් කරනුයේ තේජෝ ගුණැති කුජට හිමි මේෂ රාශියේය. මෙම ග්‍රහ පිහිටීමට අනුව ගෑස් සහ ඉන්ධන පිළිබඳ අර්බුදය විස¼දා ගැනීම එතරම් පහසු කාර්යයක් බවට පත් නොවේ. මහජනතාව ප්‍රචණ්ඩත්වයට පත්වීමෙන්, කැරලි කෝලාහල ඇතිවීමට හේතුවේ. එම තත්ත්වය කිසිවකුගේ බලපෑමකින් තොරව මහජනයා තුළින්ම උද්ගතවීමට මෙවර සිදුවන රාහු කේතු මාරුව බල පවත්වයි. 

බුධ ග්‍රහයා සමඟ රාහු ග්‍රහයා යෝගවී මේෂ රාශියේ ගමන් කිරීම දේශපාලන බිමේ විප්ලවකාරී අවස්ථාවන් නිර්මාණය විමටත්, මහජනතාව එසේ ඇතිවන ගැටුම්කාරී අවස්ථා සමඟ අත්වැල් බැඳ ගැනීමටත් මෙම ග්‍රහ පිහිටීම හේතුවේ. 

මෙම රාහු-කේතු ග්‍රහයන් දෙදෙනා මේෂ රාශියේ සහ තුලා රාශියේ ගෝචර වන අවස්ථාවේදී එනම් 2022 අප්‍රේල් දහතුන්වැනි දින ගුරු ග්‍රහයාද මීන රාශියේ ස්වෙක්ෂත්‍ර වීම සිදුවේ. මෙම ගෝචරය ගුරු ග්‍රහයාගේම නැකැතක සිදුවීම මත තරමක සහනදායි අවස්ථාවන් උදාකර ගැනීමට ඉඩ තිබේ. රටක මූල්‍ය තත්ත්වය, බැංකු පද්ධතිය, ආගමික ක්‍රියාවන්, අධිකරණය සහ නීතියේ ප්‍රතිපාදන මෙම ග්‍රහයාගෙන් නිවේදනය කෙරේ. එවැනි පසුබිමක් තුළ වසරක පමණ කාලයක් මීන රාශියේ ගමන් කරන ගුරු ග්‍රහයා ලංකා කේන්දරයෙහි ධනස්ථානය වූ දෙවැනි භාවයේ ගෝචර වන්නේ අයස්ථානය වූ එකොළොස්වෙනි භාවයද අධිපති ග්‍රහයා වශයෙනි.

මෙම පිහිටීම රටේ ආර්ථික තත්ත්වය යහපත් මට්ටමක් කරා යොමුකර ගැනීමට සුදුසු පිහිටීමකි. එහෙත් ලංකා කේන්දරයෙහි පවතින ග්‍රහ පිහිටීම් සමඟ සංසන්දනය කර මෙම අවස්ථාවේ සිදුවන ග්‍රහ ගෝචර වීම් කෙසේ බල පවත්වයිද යන්්න විමර්ශනය කළ යුතුය. ලංකා කේන්දරයේ හත්වැනි භාවයේ සිටින කුජ ග්‍රහයා තේජෝ රාශියක් වූ සිංහ රාශියේ සිටීමත්, කේතු ග්‍රහයාගේ නැකැතක වීමත් විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. මෙම කුජ ග්‍රහයා විසින් 2022 අප්‍රේල් දහතුන්වැනි දින දෙවැනි භාවයේ ගමන් කරන ගුරු ග්‍රහයා අටවැනි දෘෂ්ටියෙන් දකී. මේ අනුව ශ්‍රී  ලංකාවට උතුරු දිසාවෙන් පිහිටි රටවලින් රටේ ආර්ථිකයට මෙන්ම වෙනත් ජාත්‍යන්තර කටයුතු සඳහා බාධා ඇතිවේ. එම තත්ත්වය වර්තමාන පාලන තන්ත්‍රයට අයහපත් ලෙස බල පවත්වයි. 

ලංකා කේන්දරයේ ප්‍රථම මාරකස්ථානය වූ දෙවැන්නේ ගෝචර වන ගුරු ග්‍රහයා මෙලෙසින් පාප පීඩිත වීමත්, රාහු ග්‍රහයා තුන්වැනි භාවයේ සතුරු රාශි ගත වීම සහ කේතු පුණ්‍යස්ථානයේ සිටිමින් දොළොස්වැනි දාෂ්ටියෙන් දහවැනි භාවය දැකීමත් අනුව මෙම ග්‍රහ ගෝචරයන් එතරම් යහපත් නොවන බව පැහැදිලි වේ. විධායකය සහ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම අය ධාර්මික වී, අවංකත්වයෙන් සහ කැපවීමෙන් යුතුව මහජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් නොවුණහොත් මෙම ග්‍රහ ගෝචරයේ ප්‍රතිඵල භයානක ලෙස ඔවුන්ට අත්විඳීමට සිදුවේ. 

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ

071 8664273