දරුණු වකුගඩු රෝග පවා සුව කරන පුරාණ රස වෙදකමක මහිමය

0
79


වකුගඩු රෝගය අද බහුලවම දක්නට ලැබෙන තත්ත්වයක්. මේ තත්ත්වයට පත් වූ අය නිසි ප්‍රතිකාර නොලැබ අකාලයේ මියයනවා. ඇතැමුන් තමන්ට වකුගඩු රෝගයක් තිබෙන බව නොදැනම එය බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වූ පසු අනතුරේ වැටෙනවා. ඒ නිසා කාටත් දැනුවත් වීම පිණිස වකුගඩු රෝගය හැදෙන්නට පෙර එය වළක්වා ගන්නටත්, හැදී  තිබෙනවා නම් එය සුවපත් කර ගන්නටත් ඔබව දැනුවත් කළ යුතු යැයි සිතනවා. 

වකුගඩු රෝග ඇති වන්නේ කොහොමද කියා ඔබ දන්නෙ නැතිවත් ඇති. ඒ සඳහා ප්‍රධාන හේතු කාරකයන් කිහිපයකි. එකක් තමයි අප කාලයක් පුරා කිසියම් රෝගයකට එක දිගට ඔෟෂධ අරන් තියෙනවා නම් එයත් හේතුවක්. එහිදී එම ඔෟෂධවල බලපෑම නිසා වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා.

විශේෂයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ගැස්ට්‍රයිටීස්, ආතරයිටිස්, කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන්ට දිගටම බෙහෙත් බොන්න වෙලා තියෙන නිසා එයද බලපාන්න පුළුවන්. තවත් උෂ්ණාධික ආහාර නිතර ගැනීම, අවශ්‍ය පමණට ජලය පානය නොකිරීම, තරබාරුවෙන්, මල පහ සහ මුත්‍රා පිට කිරීම පමා කරගෙන සිටීම. ඒ වගේම වත්මන් ආහාර පානවල ඇති රසදිය, කැඩ්මියම් වැනි බැර ලෝහ තිබීම වකුගඩු දුර්වල වීමට බලපාන බව සොයාගෙන තිබෙනවා.

වකුගඩු එසේ දුර්වල වනවිට ශරීරයේ වෙනස්කම් කිහිපයක් මතු කරනවා. ඔබ ඒවා නොතකා හැර සිටියා වන්නට පුළුවන්. සිටිනවා වන්නට පුළුවන්. මුලින්ම මුත්‍රා පිටවීමේ දුර්වලතා ඇතිවෙනවා කඩින් කඩ මුත්‍රා යෑම, මුත්‍රා පිටවන විට දැවිල්ල ගතියක් දැනීම, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, කොන්ද දෙපස කැක්කුමක් ඇතිවීම, මූත්‍රාවල පෙන ගතිය වැඩි වීම, සිරුර කෙට්ටු වීම හා බර අඩු වීම වැනි ලක්ෂණ වැනි ක්‍රියාකාරිත්වය අඩුවෙමින් පවතින බවට ලකුණුයි.

මේ සඳහා දේශීය ආයුර්වේද ප්‍රතිකාර බොහෝමයක් තියෙනවා. ඔබ දන්නෙ නැති නිසා එහි ප්‍රතිඵල ලබන්නට පුළුවන්කමක් ලැබිලා නැතිව ඇති. හැබැයි රෝගියාගේ මතුව ඇති රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර විධි වෙනස් වෙනවා. උදාහරණයක් විධියට වකුගඩුවල ගල් තියෙනවා නම් ඒවා දියකර හරින්නට හෝ කුඩා කැබලිවලට කුඩු කර මුත්‍රා මඟින් යවන්නට වෙනවා.

එසේම මුත්‍රාශයේ, පිත්තාෂයේ මුත්‍රා නාළවල හටගන්නා ගල් පවා නිසි ප්‍රතිකාර මඟින් දියකර යවනවා. පුරාණ රස වෙදකම හා බැඳුණු ඔසු වට්ටෝරු මේ සඳහා යොදා ගැනෙනවා. මේ මඟින් රෝගියාගේ රුධිරය පිරිසුදු කොට නිරෝගී බවට පත් කරනවා. අප වෙත එන වකුගඩු බද්ධ කළ හා රුධිරය පිරිසුදු කිරීමට ලක්කෙරෙන (ඩයලසීස්) අයත් සිටිනවා. නමුත් හරිහැටි ප්‍රතිකාර කළොත් වකුගඩු බද්ධ නොකොට එය මඳක් පමා කරගෙන ජීවත් වන්නට වාසනා ගුණය ඇති අයත් හමුවෙලා තියෙනවා. ඒ තමයි පුරාණ රස වෙදකමේ විස්මය.

වකුගඩු නරක් නොවී රැක ගන්න ගුණ ආහාර පානත් තියෙනවා. ඒවා තමයි දම් පැහැති එළවළු සහ පලතුරු උදාහරණ ලෙස දම් පැහැති මිදි, දම්පාට ගෝවා, දම්පාට දඹල, දම්පාට මෑ කරල්, දම්පාට රාජාල, දං ගෙඩි යනාදියයි.

ඉන් රුධිරයේ භාෂ්මික බව වැඩිකර මතුව ඇති ආම්ලිකතාව අඩු කරනවා. මීට අමතරව එළබටු, ගොටුකොළ, කොහිල අල සහ කොහිල දලු, සුදු ලූනු සහ රතු ලූනු, මුරුංගා කරල් හා මුරුංගා කොළ දිනපතා ආහාරයට ගැනීමත් ගුණදායකයි.

සුලක්ඛන ජයවර්ධන